2025 ජූලි 14, පෙ.ව. 12:09
“මම දැන් ඉන්න තැන කියලා මොකටද නිකන් පරිප්පු කන්නේ. මම මගේ පවුලේ අය එක්ක ‘සීතල රටක’ ඉන්නවා. එච්චරයි මට කියන්න පුළුවන්. ආරක්ෂක අංශවලට පුළුවන් නම් හොයාගන්න කියන්න.”
“කවදද මේ අපරාධවලට තිත තියන්නේ. ඇයි මෙහෙම නීතිය අතට අරගෙන වැඩ කරන්නේ.”
“මම නීතිය අතට ගත්තේ මගේ තාත්තා මැරුණ දවසේ. මගේ තාත්තා මරපු අයගෙන් පළිගන්න විතරයි.”
“ගණේමුල්ල සංජීව ඝාතනය කරන්න ඔබ කෝටි 25 ක් වියදම් කරනවා. කොහෙන්ද සල්ලි එච්චර?”
“කෝටි 25 ක්. මමත් දැක්කා කවුද පිස්සෙක් ඕක කියනවා. අනික මම ඉතාලියේ ඉන්නේ කියලත් කියනවා. ඉතින් ඒ අයට පව් කියලා තමයි මට කියන්න තියෙන්නේ. ගනේමුල්ල සංජීව කියන්නේ තනිකර හොරෙක්, මට නම් චරිතයක් නොවෙයි. ඒවගේ එක්කෙනෙක්ට කෝටි ගාණක් වියදම් කරන්න මට පිස්සුවක් නැහැ.”
“ඉෂාරා සෙව්වන්දි…”
යමක් අසන්නට මත්තෙන්ම පද්මේ පිළිතුරු දුන්නේය.
“එයා දැන් ඩුබායිවල හොඳින් ඉන්නවා. ළඟදීම එයා ගැන දැන ගන්න පුළුවන් වෙයි හැමෝටම.”
“ඒ කියන්නේ තවත් ඝාතන සිද්ධියක්ද?”
“ඇයි එහෙම කියන්නේ.”
“නැහැ ඕගොල්ලෝ කරන්නේ ඒවනේ.”
“මම කවදාවත් අහිංසක මිනිස්සුගෙන් පළි අරන් නැහැ. මම හැප්පුනේ මගේ තාත්තාව මරපු අය එක්ක විතරයි. මම මැරුවෙත් ඒ අයව විතරයි.”
“දැන් මම මගේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නේ. හැබැයි මාත් එක්ක කවුරැ හරි ආයි හැප්පෙන්න ආවොත් මමත් නිකන් ඉන්නේ නැහැ. එකනිසා මට පාඩුවේ ඉන්න දෙන්න.”
“එහෙනම් කියන්න, ඉෂාරා සෙව්වන්දි මොකක්ද කරන්න හදන්නේ.”
“ඒක බලාගන්න පුළුවන් තව ටික දවසකින්. දැන්ම කියන එක හොඳ නැහැ. හැබැයි ඒක අපරාධයක් නම් නොවෙයි.”
2025 ජූලි 14, පෙ.ව. 10:17
2025 ජූලි 14, පෙ.ව. 9:52
2025 ජූලි 14, පෙ.ව. 9:10
2025 ජූලි 14, පෙ.ව. 12:14
2025 ජූලි 14, පෙ.ව. 12:07
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
13-07-25
13-07-25
13-07-25
13-07-25
13-07-25
13-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25