2025 ජූලි 16, පෙ.ව. 12:04
තදාසන්න ප්‍රදේශ වල මගී දුම්රිය සඳහා ධාවනයේ යෙදවීමට සුදුසු බලවේග කට්ටල සංඛ්‍යාවක් මේ වනවිට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව නොමැති බැවින් දෛනිකව ධාවනය කරවනු ලබන දුම්රියන්හි නිරන්තර මගී තදබදයක් පවතී.
මේ වනවිට ධාවනයේ යොදවනු ලබන බලවේග කට්ටල වලින් වැඩි ප්‍රමාණයක් වසර 20 ඉක්මවා ධාවනයේ යොදවා ඇති බැවින් නිරන්තරයෙන් හදිසි ක්‍රියා විරහිත වීම් හා බිඳ වැටීම් වලට ලක්වෙයි.
දුම්රිය සේවා පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් බලවේග කට්ටල 96ක් පමණ අවශ්‍ය වන බැවින් තදාසන්න සහ දුරගමන් සේවා සඳහා යෙදවීම පිණිස බලවේග කට්ටල 5ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා බලවේග කට්ටල 5ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
2025 ජූලි 16, ප.ව. 1:19
2025 ජූලි 16, පෙ.ව. 12:13
2025 ජූලි 16, පෙ.ව. 12:09
2025 ජූලි 16, පෙ.ව. 12:07
2025 ජූලි 16, පෙ.ව. 12:05
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
16-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
15-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25