2025 සැප්තැම්බර් 02, පෙ.ව. 12:06
මෙරට ප්‍රධාන පෙළේ පාසල් සිසුන් අතර විද්‍යුත් දුම් පානය (E-cigarette) ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින බව සෞඛ්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.
මෙම තත්ත්වය, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්රයන්හි බලධාරීන්ගේ ක්ෂණික අවධානය යොමු විය යුතු ගැටලුවක් බව ඔහු අවධාරණය කරයි.
චමල් සංජීව මහතා පෙන්වා දෙන පරිදි, මෙම අනවසර දුම් පාන භාවිතය සංවිධානාත්මක ජාලයක් හරහා පාසල් තුළට ව්‍යාප්ත වී ඇත. මෙහිදී, වැඩිහිටි පාසල් සිසුන් විසින් මෙම උපකරණ පාසල් වෙත රැගෙන එන අතර, පහළ පන්තිවල සිසුන් තැරැව්කරුවන් ලෙස යොදා ගනිමින් එක් දුම් උගුරක් රුපියල් 20ක් වැනි මුදලකට අලෙවි කිරීම සිදු කරනු ලබයි.
සමහර අවස්ථාවලදී, බාහිර පුද්ගලයන් ද මෙම ජාලයට සම්බන්ධ වී සිටින අතර, ඔවුන් ජ්‍යෙෂ්ඨ සිසුන් හරහා පාසල්වලට මෙම උපකරණ ලබා දී, සිසුන්ගෙන් උපයන මුදලින් කොටසක් තැරැව්කාර සිසුන්ට කොමිස් ලෙස ගෙවනු ලබයි.
ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, ගම්පහ සහ කුරුණෑගල වැනි ප්‍රධාන දිස්ත්‍රික්ක රැසකම පිහිටි ජාතික සහ සාමාන්‍ය පාසල් ආශ්‍රිතව මෙම ක්‍රියාවලිය රහසිගතව ව්‍යාප්ත වෙමින් පවතී.
සාමාන්‍ය සිගරට් වලට වඩා විද්‍යුත් සිගරට් ශරීර සෞඛ්‍යයට හානිකර නොවන බවට පවතින මතය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි. විද්‍යුත් සිගරට් භාවිතය දරුවන්ගේ ශාරීරික සෞඛ්‍යයට මෙන්ම මානසික තත්ත්වයටද අහිතකර ලෙස බලපායි. විශේෂයෙන්, මෙම උපකරණ භාවිතය මානසික ඒකාග්‍රතාවය බිඳ වැටීම, මානසික ව්‍යාකූලත්වය සහ නිරන්තර කෝපය වැනි තත්ත්වයන්ට හේතු විය හැකි බව ඔහු සඳහන් කරයි. මේ තත්ත්වය, පාසල් පද්ධතිය තුළ “සැඟවුණු මාරයෙකු” ලෙස පැතිර යන බවට ඔහු අනතුරු අඟවයි.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දෙමාපියන් තම දරුවන්ට අනවශ්‍ය ලෙස මුදල් ලබා දීමෙන් වැළකී සිටිය යුතු අතර, ඔවුන්ගේ පාසල් බෑග් සහ අනෙකුත් බඩු බාහිරාදිය දිනපතා පරීක්ෂා කිරීම වැදගත් වේ.
සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශ ඇතුළු අදාළ බලධාරීන් වහාම මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමු කර, මෙම අනතුර වළක්වාලීම සඳහා ක්ෂණික පියවර ගත යුතුය. මෙම තත්ත්වය නිසි ලෙස කළමනාකරණය නොකළහොත්, ඉතා කුඩා දරුවන් පවා මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ගොදුරු වීමේ පාලනය කළ නොහැකි තත්ත්වයක් අනාගතයේදී ඇති විය හැකි බවට ඔහු අනතුරු අඟවයි.
2025 සැප්තැම්බර් 02, පෙ.ව. 12:11
2025 සැප්තැම්බර් 02, පෙ.ව. 12:10
2025 සැප්තැම්බර් 02, පෙ.ව. 12:09
2025 සැප්තැම්බර් 02, පෙ.ව. 12:08
2025 සැප්තැම්බර් 02, පෙ.ව. 12:07
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
02-09-25
01-09-25
01-09-25
01-09-25
01-09-25
29-08-25
29-08-25
29-08-25
29-08-25
29-08-25
29-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25
28-08-25