hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 13, පෙ.ව. 11:41



අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අවසන් වී තිබෙනවා.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා සම්මානය “Everything Everywhere All at Once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් කී හේ ක්වෑන් හිමිකර ගෙන තිබෙනවා.

හොඳම සහාය රංගන ශිල්පිනියට හිමි සම්මානය “Everything Everywhere All at Once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් ජේමි ලී කර්ටිස් විසින් හිමිකර ගත්තා.

එමෙන්ම අතිශය ජනාදරයට පාත්‍ර වූ RRR ඉන්දීය තෙළෙඟු සිනමාපටයේ එන, නාටු නාටු ගීතය ද මෙවර ඔස්කාර් සම්මානයට පාත්‍ර වී තිබෙනවා.

සම්මාන උළෙලේ වැඩි අවධානයක් දිනාගත්, හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනාගත්තේ බ්‍රැන්ඩන් ෆ්රේසර් විසිනි.

ඒ ද වේල් සිනමාපටය වෙනුවෙන් .

හොඳම රංගන ශිල්පිනියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් පළමු ආසියාතිකයා බවට පත්වෙමින් මෙරව එම සම්මානය දිනාගැනීමට මිෂෙල් යෝ සමත් වුණා.

ඒ Everywhere All at Once” සිනමා පටය වෙනුවෙන්.

සුදු හමක් නොමැති අයෙක් එම සම්මානය පාත්‍ර වූ පළමු අවස්ථාවද මෙයයි.

මේ අතර සම්මාන උළෙලේ අවසන් සම්මානය වන හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනාගත්තේ “Everything Everywhere All at Once” සිනමා පටයයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: