2023 ජූනි 09, පෙ.ව. 11:54
ශ්‍රී ලංකා-ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය අතරතුරදී සිදුවූ අපූරු රසවත් සිදුවීමක් සම්බන්ධයෙන් පුවතක් වාර්තා වෙනවා.
ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනකු විසින් පිළියෙල කළ විශේෂ ආහාරවේලක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට රසවිඳීමේ අවස්ථාව උදාවී තිබීම මෙම සිදුවීමයි.
එහිදී රෂීඩ් ඛාන් මූලිකත්වය ගනිමින් මෙම විශේෂ සාම්ප්‍රදායික ඇෆ්ගන් ආහාරය ඔවුන් නැවතී සිටි හෝටල් පරිශ්‍රයේ එළිමහනේදී පිළියෙල කර තිබුණා.
එසේම ඊට ඇෆ්ගන් කණ්ඩායමේ ක්‍රීඩකයන් ද තම දායකත්වය සපයා දී තිබෙනවා.
ඇෆ්ගන් කණ්ඩායම නැවැතී සිටි හෝටලයේ කුස්සියට ඇතුළු වී කෑම පිළියෙල කරන පිරිසගේද අවසරය ඇතිව මෙම කර්තව්‍ය කර ඇතැයි දැනගන්නට තිබෙනවා.
ඉන් අනතුරුව ඇෆ්ගන් කණ්ඩායම නැවතී සිටි හෝටලය වෙත ශ්‍රී ලංකා නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්නට ආරාධනා කිරීමටත් එම ආහාරය රස බැලීමේ අවස්ථාව ලබා දීමටත් ඇෆ්ගන් ක්‍රීඩකයන් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායකයා සඳහන් කර ඇත්තේ තමන් සහ චාමික රසවිඳ ඇති ප්‍රණීතම ආහාරවේල්වලින් එකක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බවයි.
එසේම පසුගියදා නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ද රෂීඩ් ඛාන් මෙවැනිම කටයුත්තක් සිදු කර ඇති බව ද වාර්තා වෙනවා.
ඒ අනුව අයි.පී.එල්. තරගාවලිය අතරතුර ගුජරාට් ටයිටන්ස් පිල නවාතැන්ගෙන සිටි හෝටලයේ මුළුතැන්ගෙය තුළදී මෙවැනිම විශේෂ ඇෆ්ගන් සාම්ප්‍රදායික ආහාර පිළියෙල කරමින් තම කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට සංග්‍රහ කිරීමට ඔහු කටයුතු කර ඇතැයි පැවැසෙනවා.
එහිදී අදාළ හෝටලයේ බලධාරීන්ගේ විශේෂ අවසරයක් ලබා ගැනීමෙන් අනතුරුව එම හෝටල්යේ මුළුතැන්ගෙයහිදී රෂීඩ් එම ආහාර ද පිළියෙල කර තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් මෙවැනි දකුණු ආසියානු කෑම පිළියෙල කිරීමේ අතිදක්‍ෂයකු ලෙස රෂීඩ් ඛාන් නම් දරා ඇතැයිද වාර්තා වෙනවා.
2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:04
2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:02
2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:02
2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:02
2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:00
08-12-23
08-12-23
08-12-23
08-12-23
08-12-23
08-12-23
08-12-23
08-12-23
08-12-23
08-12-23
08-12-23
08-12-23
07-12-23
07-12-23
07-12-23
07-12-23
07-12-23
07-12-23
07-12-23
07-12-23
07-12-23
07-12-23
07-12-23
07-12-23