hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූලි 01, ප.ව. 4:57



ජැක්සන් ඇන්තනී කියන්නේ සිංහල සිනමාවටත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත්  විශාල සේවයක් ඉෂ්ඨ කරපු කලාකරුවෙක් කියන්න කොයි කවුරුත් දන්නවා.

එදා හදිසි අනතුර නිසා තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා ජැක්සන් වෙනුවෙන් බලන් ඉන්න ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නේ.

පසුගිය කාල වකවානුව පුරාවටම සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා ජැක්සන්ට විතරක් ඇයි මෙහෙම විශේෂ සැලකිල්ලක් දක්වන්නෙ කියන දේ.ඒ වගේම ජැක්සන්ගේ මේ වෙද්දි හදවත විතරයි වැඩ කියලත් තවත් බොහෝ දෙනෙක් සඳහන් කරලා තිබ්බා.

සමාජ මාධ්‍ය හරහා ජැක්සන් ගැන කතා කරන එක රැල්ලක් බවට පත් වෙච්ච කාල වකවානුවක් තුළ ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පසුගිය දවසක කර නැවත වතාවක් සමාජ මාධ්‍ය හරහා කතාබහ කරන්න පටන් ගත්තා.

කලාවට මේ වගේ සේවාවක් ඉටු කරන මේ පවුලේ නිහඬ හයිය ඇය කියන එකට තවත් සාක්ෂි ඕන වෙන්නේ නෑ.

ඉතින් අද ඒ පවුලේ හයිය ඒ කියනේ කුමාරි මුණසිංහ මහත්මියගේ උපන්දිනය.

ඒ වෙනුවෙන් ඇගේ ලොකු පුතා අඛිල එකතු කරපු ආදරණීය සටහන මෙන්න…

සුභ උපන්දිනයක් අම්මා

මගෙ අම්මා හරිම ශක්තිමත්,අහිංසක ගැහැණියක් ..මම හැමදාම හෙව්වා ඒවගේ කෙනෙක්. එහෙම අය හරි අඩුයි..
අප්පච්චි හැමදාම කිව්වා කුමාරි කෙනෙක් නැත්තන් ‘ජැක්සන් ඇන්තනී ‘කෙනෙක් බිහිවෙන්නේ නෑ කියලා(ඒ දෙන්නත් පාසල් ප්‍රේමයක් නේ)

අද අම්මාගේ උපන්දිනය. හරියටම සතියකින් 8වෙනිදා අප්පච්චිගේ උපන්දිනය.

අම්මාගේ ශක්තිය අපි හොදටම දැක්කා මේ පහුගිය කාලේ පුරාවට.. මේ කරදරේ කරට අරන් අම්මා අප්පච්චිව නැවත ගොඩනැගුවා(අපිවත් අල්ලන් ) මගේ අම්මාට නීරෝගී සම්පත්තිය ලැබෙන්න ඕනේ…සතුටින්ම ජීවත් වෙන්න ඕනේ..අම්මාගේ සියලු ප්‍රර්තනා ඉෂ්ට වෙන්න ඕනේ
අපි හැමෝගෙම ශක්තිය එදත් අම්මා, අදත් අම්මා ..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: