hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 27, පෙ.ව. 12:13



ජැක්සන් ඇන්තනී කියන්නේ සිංහල සිනමාවටත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත්  විශාල සේවයක් ඉෂ්ඨ කරපු කලාකරුවෙක් කියන්න කොයි කවුරුත් දන්නවා.

එදා හදිසි අනතුර නිසා තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා ජැක්සන් වෙනුවෙන් බලන් ඉන්න ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නේ.

පසුගිය කාල වකවානුව පුරාවටම සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා ජැක්සන්ට විතරක් ඇයි මෙහෙම විශේෂ සැලකිල්ලක් දක්වන්නෙ කියන දේ.ඒ වගේම ජැක්සන්ගේ මේ වෙද්දි හදවත විතරයි වැඩ කියලත් තවත් බොහෝ දෙනෙක් සඳහන් කරලා තිබ්බා.

සමාජ මාධ්‍ය හරහා ජැක්සන් ගැන කතා කරන එක රැල්ලක් බවට පත් වෙච්ච කාල වකවානුවක් තුළ ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පසුගිය දවසක කර නැවත වතාවක් සමාජ මාධ්‍ය හරහා කතාබහ කරන්න පටන් ගත්තා.

ඒ විදිහට ආයෙමත් සැරයක් මේ කතාබහ පටන් ගත්තෙ  ඔහුගේ රෝගී තත්වය ගැන අකිල දනුද්දර එහෙමත් නැත්නම් ජැක්සන්ගේ  වැඩිමහල් පුතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශත් එක්කයි.

ඉතින් අකිල තමන්ගෙ තාත්තා ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාව.

“අපට සුව වෙමින් පවතිනවා සහ අපට සුව වෙනවා සත්තයි.ඒ ගැන අපිට වෙන විශ්වාසයක් නැහැ.මේ වෙලාවෙත් මගේ විශ්වාසය ස්ථිරයි මම කියන්නේ මම විතරක්ම නෙවෙයි.අපි තුන් දෙනෙක් ඉන්නවා ඒ හින්දා අප්පච්චි සුව වෙනවා.අප්පච්චිගෙ කිඹුහුමක් ඇහිපිල්ලමක් අපිට ලොකු දෙයක්.අපි ආදරය කරන්න දැන් හරි අමුතු ලෝකෙක ඉඳලා.අපි කෑල්ලෙන් කෑල්ල ජීවිතයකට ගියා දවසින් දවස විනාඩියෙන් විනාඩිය අපි බලාගෙන ඉන්නවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: