hit counter

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 11, පෙ.ව. 12:06



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

කොහොම වූණත් ඒ පවුලේ සාමාජිකයින් තමවමත් ඔහු ගැන සිහිපත් කරන්නේ වේදනාවකින් සහ හරිම ආදරණීය මතකයන් එක්ක.

එමී තමයි ජැක්සන් පවුලේ ලොකු ලේලිය.

ඒ දෙන්නා ජැක්සන් ඇන්තනී නම් මහා කලාකරුවානන් මිහිදන් කරපු ඒ සුසාන භූමියට ගිහින්.

ඒ ගිය ගමන් හරි ගෞරවයෙන් එමී කරපු වැඩක් ගැන අකිල මේ විදිහට සටහනක් තබා තිබුනා.

“මේ ලෝකයේ වාසනාවන්ත මනුස්සයෙක් හරි ආඩම්බරයෙන් බලන් ඉඳපු දසුනක්. ඔයාගේ ආදරේ මට ජීවත් වෙන්න හේතු ගේනවා” කියලයි අකිල සිය සටහන තබා තිබුනේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: