hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 08, පෙ.ව. 2:44



අපේ කලා ලෝකය තුළ ඉන්න ඒ වගේම සිනමා නිර්මාණයන් රැසක් හරහා අපට දැක බලා ගන්නත් අවස්ථාව ලැබුණොත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි අමරසිරි කලංසූරිය මහතා.

එතුමා ගැන කතා කරද්දී එතුමා දශක ගණනාවක් තිස්සේ සිංහල සිනමාවත් එක්ක අත්වැල් බැඳගෙන හිටපු විශිෂ්ට සිනමා නළුවෙක්

මහලොකුවට විලාසිතා නැති හරිම සරල විදියට සාමාන්‍ය විදිහට ඇඳපු ඔහු ජීවිතයේ සැදෑ කාලය ඉතා සතුටින් ගත කරලා අපි හිතුවෙවත් නැති මොහොතක  පසුගිය දවසක ජීවිතයෙන් සමුගත්තා.

මේ වියෝව නිසා ගොඩක් දෙනෙක් එතුමා වෙනුවෙන් විවිධ සටහන් සමාජ මාධ්‍ය පුරාවටම එකතු කරන්නත් අමතක කරේ නැහැ.

ඒ වගේම තමයි සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙච්චි තවත් ප්‍රසිද්ධ සටහනක් තමයි නවක රංගන ශිල්පියෙක් වන කුසල් මධුරංග එහෙමත් නැත්නම් පාරදිගේ ටෙලි නාට්‍යයේ බණ්ඩා කියන රංගන ශිල්පියා සමඟ අමරසිරි කලංසූරිය මහතා සංසන්දනය කෙරූ සටහනක්.

ඉතින නවක රංගන ශිල්පී කුසල් අතර රූපෙන් සමාන කමක් තියෙනවා කියන කතාව.

ඒ වගේම ඒ ඇසිල්ලෙන් බොහෝ සමාජ මාධ්‍ය පළ කරලා තිබුණා කුසල් මධුරංග කියන්නේ අමරසිරි කලංසූරිය මහතාගේ ඥාති පුතෙක් වෙනවා කියන අසත්‍ය ප්‍රකාශය.

ඉතින් මේ සියලුම දේවල් බලාගෙන හිටපු නවක රංගන ශිල්පී කුසල් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ගෙන මහා රහස් සටහනක් පල කරලා තිබ්බේ මෙන්න මේ විදිහටයි.

ප්‍රවීණ රංගධර අමරසිරි කලංසූරිය මහතාගේ වියෝව සම්බන්ධව මම මාගේ බලවත් ශෝකය පළකරමි. මම සහ කලංසූරිය මහතා සමාන කරමින්  පුද්ගලිකව හා සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන නිරන්තර පළකිරීම් පිළිබඳ මට ඇත්තේ නිහතමානී සතුටක් මුසු ගෞරවයකි. නමුත් මේ දිනවල ව්‍යාජ තොරතුරක් සමාජ මාධ්‍ය ගොසිප් නාලිකා සහ පිටු  මගින් ප්‍රචාරය වෙයි. එනම් මමත් එතුමාත් ඥාති පිය -පුතු වන බව යි. මමත් එතුමාත් අතර එවැනි කිසිදු ඥාති සම්බන්ධතාවයක් නොමැත. මා හට මාගේම පියෙකු ද වන අතර, කලංසූරිය මහතාට ඔහුගේ ම පුතෙකු ද ඇත. නමුත් ඉහත කී අසත්‍ය ප්‍රචාරය සමාජගත වීම සමඟ අප දෙපාර්ශ්වයටම එය මහත් අපහසුවක් වී ඇති බව ආද⁣රයෙන් ඔබට දැනුම් දෙමි. අමරසිරි කලංසූරිය මහතාගේ හිඩැස පිරවීමට කිසිවෙකුට හැකිවේ යැයි මම නොසිතමි. එතුමාට ත් දෙපාර්ශ්වයේ ඥාති හිතමිත්‍රාදීන්ට ත් අගෞරවයක් වන ලෙසින් මෙවැනි අසත්‍ය ප්‍රචාර සමාජ ගත නොකරන්න යැයි ද ඔබ සැමගෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

එතුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි!

ඔබ හිතවත්,

කුසල්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: