hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:02



කාලයක් අපේ රටේ පුවත් මවපු නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි කෙනෙක් තමයි අමායා අධිකාරි කියන්නේ. 

අමායා මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපිකාවක් විදියට කියලා බොහෝ දෙනෙක් නොදන්නවා ඇති.

පසුව ඇය ගීත සඳහා රූප රචනයෙන් දායක වූ අතර පසු කාලෙක රංගන ශිල්පිනියක් විදියට ක්‍ෂේත්‍රයේ නමක් දිනාගන්න සමත්වෙනවා.

ඒ වගේම අමායා කියන්නේ ගොඩක්ම දක්ෂ නර්තන ශිල්පිනියක් කිව්වොත් හරි.

ඇයගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ සිදුවීම් නිසා බොහෝ දෙනා අතර ඇය ප්‍රසිද්ධ වුණා.

ඒ අතර ප්‍රමුඛම කාරණය වෙන්නේ ඇය මෙරට ප්‍රකට සංගීත ශිල්පියෙකු වන අතුල අධිකාරී සමඟ විවාහ වීමයි.

අතුල අධිකාරි කලින් විවාහ වෙලා හිටියේ ඔහුගේම ක්‍ෂේත්‍රයේ ප්‍රකට ගායිකාවක වන සමිතා මුදුන්කොටුව සමගයි.

ඒ වගේම අතුලට සහ සමිතට දරුවන් දෙදෙනෙකු සිටිනවා.

ඉතින් අතුල අධිකාරි අමායා සමග විවාහ වීමත් සමග සමිතා දරුවන් දෙදෙනා සමග තනි වෙනවා.

නමුත් පසුකාලීනව ඇය ද චිරන්ත ගුණවර්ධන නම් ටික්ටොක් හි ප්‍රකට තරුවක් සමඟ එක්ව දිවිගෙවන බව ඔවුන්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිනවා.

කොහොම වුනත් අමායා සහ අතුලගේ විවාහයත් සාර්ථක වෙන්නේ නෑ.

ඔවුන් පුද්ගලික හේතුන් කිහිපයක් නිසා වෙන්ව ජීවත් වෙන්න තීරණය කරනවා.

විවාහයෙන් වෙන් වූ අමායා රියලිටි තරුවක් වූ ජනප්‍රිය ගායක හර්ෂ දනොෂ් සමඟින් පෙම් සබඳතාවයක් ඇති කරගන්නා විත්තිය නොරහසක්. 

අතුල හා දික්කසාද වීමෙන් අනතුරුව ඈ විවාහ වෙන්නෙ හර්ෂ එක්ක.

ඒ වගේම ඈ හා සමිතාගේ පවුලේ අය අතරත් කිසිදු විරසකයක් නොමැති බැව් ඔවුන්ගේ මුහුණු පොත්වල පළකිරීම්වලින් තහවුරු වුණා.

පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා සම්මුඛ වෙමින් ඈ විවාහය ගැන බොහෝම ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබුණා.

ඒ මොහොතේ ඈ කොළේ අත්සන් කරන විවාහය ගැන කිවුවේ මෙහෙම කතාවක්.

‘ළඟදිත් මම කාටහරි කිවුවා, කසාද බඳින්න ලස්සන වෙඩින් එකක් අරන්, කොළේ අත්සන ගහන්න එපා. අත්සන් කළා කියන්නෙ අයිතියක්, ගැලවීමක් නෑ කියන එක. එතකොට විවාහය සාර්ථක නෑ. මම ගැරන්ට් කරලා කියන්නෙ. පවුල් ජීවිතේ කියන්නෙ අඩුපාඩු හදාගෙන ඉස්සරහාට යන්න වුවමනා එකක්. මම නම් මගේ හස්බන්ට ‘ෂොට් එකක් දාන්න’ එළියට දාන්න යන්න ඔිනි නම් ගිහින් එන්න දෙනවා. ගිය වෙලේ ඉඳන් කෝල් කර කර චෙක් කරන්නෙ නෑ, ආවම ලිප්ස්ටික් පාරවල් බලන් නෑ. කවදාවත් කරලා නෑ මං ඒක.. හර්ෂට කරලත් නෑ ඒක, අතුලට කරලත් නෑ. හැබැයි… එයාලගේ මූණ බලපු වෙලාවක සැකයක් දැණුනොත්…. ඒක දැනෙනවා…..’

‘ඩිවෝස් වෙන එකද හොඳ? ගළපගෙන ජීවත් වෙන එකද?’

‘ඩිවෝස් වෙන්නෙ එකට ඉන්න බැරි හින්දනේ. ඒක තේරුම් ගැනීම මත වෙන දෙයක්. ඩිවෝස් වෙන්නෙ ගොඩක් අය, වන්දි ගන්න, දරුවන්ගේ අයිතිය ගන්න, ඔන්න ඒ දේවල්වලට. මම කියන්නෙ ඩිවෝස් වෙනව නම් කතා වෙලා කරන්න ඔිනි. හැබැයි මට හා සමානව දරුවාගේ අයිතිය තාත්තාටත් තියනවා. මම වෙන්න පුළුවන් දරුවාගේ සියලු වියදම් දරන්නෙ. හැබැයි තාත්තාට අයිතිය තියනවා. දරුවා බෙදාගන්න ඔිනි. එයාට අවශ්‍ය වෙලාවට බලන්න පුළුවන් වෙන්න ඔිනි. මම වෙන මිනිහෙක් එක්ක ඉන්නවා හිතන්නකෝ ඩිවෝස් වෙලා. හැබැයි දරුවාගේ අයිතිය තියෙන්නෙ තාත්තාට. දරුවා කැමති වෙලාවට එයාට බලන්න පුළුවන් වෙන්න ඔිනි. ඒ ගියැයි කියලා පරණ කසාද මිනිහා එක්ක බුදියන්න යනවා කියලා නෙවෙයි. සමහර මිනිස්සු ඉන්නවා එහෙම. ඒ හැඟීම ගියාට පස්සෙ ආයෙ ඇතිවෙන් නෑ. ආදරේ තියනවා සදාකල්ම. නමුත් සෙක්ෂුවල් ෆීලිංන්ස් එන්නෙ නැහැ. එපා වුණොත් එතනින් එහාට ෆීලිංග් එකක් දැනෙන් නෑ. මං දන් නෑ මට එහෙමයි…..’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: