hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 27, පෙ.ව. 10:37



අමිතාබ් බච්චන් පසුගිය සතිවල හිටියේ ඇඳට වෙලා.

ඒකට හේතු වුනේ චිත්‍රපටයක රූගත කිරීම් අතරතුර හෝ අනතුරකට ලක් වීමයි.

මීට සති කිහිපයකට පෙර අමිතාබ් අනතුරකට ලක් වුණේ project k නැමැති චිත්‍රපටයේ උද්වේගකර ජවනිකාවක් රඟ පාමින් සිටින අතරතුරයි.

මේ අනතුර නිසා ඔහුගේ ඉල ඇටවලට හා පාදයට තුවාල සිදුව තිබුණා.

අනතුරෙන් පස්සේ ඔහුව වහාම රෝහල් ගත කිරීමට චිත්‍රපට කණ්ඩායම පියවර ගත් අතර එහිදී වෛද්‍ය පරික්ෂණ කිහිපයකට පෙනී සිටින්න අමිතාබ්ට සිදුවුණා.

කෙසේ නමුත් බරපතළ තත්ත්වයක් නොතිබුන නිසා ඔහුට ගෙදර යන්නට වෛද්‍යවරුන් ඉඩ දුන්නා.

නමුත් ඔහුගේ රූපගත කිරීම් අවලංගු කරන්න සිදුවුනා.

එයින් පස්සේ ඔහු මුම්බායිහි පිහිටි “ජල්සා” නැමැති ඔහුගේ නිවහනට ඇවිත් විවේක ගන්න පටන් ගත්තා.

ඒ කාලේ ඔහු ලියපු සමාජ මාධ්‍ය සටහනක සඳහන් වුණේ තමාට විශාල වේදනාවක් දැනෙන බවයි.

හුස්ම ගැනීම පවා අමාරු බවත්, අවශ්‍යම දේකට ඇරෙන්න ඇඳෙන් නැඟිටින්නෙ නැති බවත් ඔහු කියලා තිබුණා.

කෙසේවෙතත් පසුගිය දිනෙක අමිතාබ් පවසා තිබුණේ තමා නැවතත් වැඩට බසින්නට සූදානම් වන බවයි.

තවමත් යම් යම් වේදනාවක් දැනුනත් වැඩ කරන එක තරම් සතුටක් නැති බවත් ඔහු සඳහන් කර තිබුණා.

ගෙදරට වෙලා පාළුවෙන් ඉන්න ඔහු කැමති නැති බවයි පෙනෙන්නේ.

තමා නැවතත් වැඩ පටන් ගන්නට සූදානම් වුවත් තමාගේ ඉල ඇට හා පාදය ඊට එරෙහිව කැරළි ගසන බවත් ඔහු කියා තිබෙනවා.

අමිතාබ් පවසා තිබූ තවත් අපූරු කතාවක් වූයේ තමා මේ දිනවල ලෝකයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අත්දැකීම් වලින් පාඩම් ඉගෙන ගනිමින් සිටින බවයි.

ඒවා නැරඹීමෙන් තමා වැනි කෙනෙකුට ද ඔවුන්ගේ ධෛර්යය අනුකරණය කිරීමට යම් උත්තේජනයක් ලැබෙන බව ඔහු පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: