hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 20, පෙ.ව. 12:06



සිංහල ප්‍රේක්ෂකාගාරය උමතුවටත්, ඉමහත් පුදුමයටත් පත් කළ රංගනය ඉදිරිපත් කළේ අනෝමා ජනාදරී විසිනුයි.

සිංහල සිනමාවේ ප්‍රථම වරට පූර්ණ නිරුවත ප්‍රේක්ෂකාගාරයට පෙන්වූ නිළිය ලෙසයි අනෝමා ජනාදරී ඉතිහාසයට එක්වන්නෙ.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද ඇගේ සැමියා වූ අශෝක හඳගම විසිනුයි. (පසුකාලීනව හඳගම, තමන්ට නියමිත පරිදි ගෙවීම් හෝ සිදු නොකළ බවටයි ජනාදරී චෝදනා එල්ල කරමින් සඳහන් කළේ.)

ජනාදරී මෙහි නිරූපණය කළේ සමාජයෙන් වහංව ජිවත් වන කාන්තාවකගේ චරිතයක්.

ඇය ඇතුළතින් කාන්තාවක් වුවත්, පිටතින් ඇය පුරුෂයෙක් ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටියා.

ජනාදරී මෙහි අතිශය සුන්දර හෝ ලස්සන කාන්තාවකගේ චරිතයක් සිදු නොකළ අතර, ඇය කතාවේ එන ලෙස අවලස්සන ගැහැනියක් වුණා.

විශේෂයෙන්ම ඇය මේ වන විටත් සෙක්ස් එඩියුකේෂන් නමින් යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන අතරතුර ලිංගිකත්වය ගැන විවෘතව කතාබස් කරනවා.

පසුගිය දිනෙක ඇය නවපරපුරේ නිළියන් වන ශලනි තාරකා සහ දුශේනි සිල්වා සම්බන්ධයෙන් පළ කෙරූ සමාජ මාධ්‍ය සටහනක් ද බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා.

‘දුශේනි ලස්සන කෙල්ල හින්දා ඉක්මණින් සිනමා නිර්මාණ ලැබුණා. ඒකට ශලනිට පැළෙන්න ඉරිසියයි..’

ඇය මීට පෙර ද කිහිප වතාවක් ම ශලනි තාරකාගේ සිනමා ආගමනය සම්බන්ධයෙන් බරපතල ලෙස විවේචනය කොට තිබුණා.

ශලනි ක්ෂේත්‍රයට පිවිසියේ දක්ෂතාවය අනුව යමින් නොවන බැව් ද කියූ ඇය ශලනිගේ මව සම්බන්ධයෙන් ඒ සමයේ බොහෝ තොරතුරු සමාජ මාධ්‍යයේ ලියා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: