hit counter

2024 නොවැම්‍බර් මස 05 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 12:02



වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානයක ගැන බොහෝ දෙනෙකු කතා කරන්නේ ඉතාමත් ආදරයෙන්.

දුක් විඳින ජනතාවගේ ඡන්දයෙන් පත්වුණ නව ජනාදිපතිවරයා සාමාන්‍ය පවුලකින් දේශපාලනයට පැමිණි අයෙක්.

මේ ඔහු ගැන ඔහුගේ විද්‍යා ගුරුවරයා ලෙස කටයුතු කළේ ජී.එම්. අමරසූරිය ගුරු පියාණන් දැක්වූ අදහස්.

මට මගේ දරුවෙක් රටේ ජනාධිපති වුණා වගේ; ඔහු කතාවට මුලපිරුවේය.

“මට දැනෙන සතුට කියන්න වචන නැහැ.ඒතරම් සතුටක් දැනෙන්නේ. කොට කලිසම ඇඳගෙන ඇවිත් අත් දෙකම එකතු කරලා ‘සර් ආයුබෝවන්‘ කියලා කිව්ව හැටි අදත් හොඳින්ම මතකයි.දැකපු තැන ගුරු ගෞරවය රැකපු ශිෂ්‍යයෙක්.මම ඒ කාලෙ ගාමිණි විද්‍යාලයේ විද්‍යා ගුරුවරයා විදිහට සේවය කළා.අනුර කුමාර ඒ කාලේ මගෙන් විද්‍යාව ඉගෙන 1984 අවුරුද්දෙ ඉදලා.6 පන්තියේ ඉඳලා අනුරලා තමයි ගාමිණි විද්‍යාලෙන් අවසානෙට සාමාන්‍ය පෙළ විභාගේ ලියපු ළමයි කට්ටිය වුණේ.ඒ ගොල්ලෝ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලේ මුලින්ම උසස් පෙළ පටන් ගන්න කොට හිටපු ළමයි කට්ටිය වුණෙත්.ඒ අයගෙන් දෙන්නෙක් තමයි මුලින්ම විශ්වවිද්‍යාලෙට ගියේ.එක්කෙනෙක් අනුර. ඒ කාලේ ඉඳන්ම අනුර ඉගෙන ගන්න හරිම දක්ෂයි. කොයි වෙලාවකවත් නිකං ඉන්නෙ නෑ මොනව ගැන හරි ප්‍රශ්න කරනවා.තර්ක කරනවා. ගණිත අංශයෙන් තඹුත්තේගම ඉස්කෝලෙන් විශ්වවිද්‍යාලයට ගියපු පළමුවැනි දරුවා තමයි අනුර.මං උගන්වපු දරුවෙක් අද මේ ඉන්න තත්ත්වේ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්.”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: