hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 5:25



චතූ කියපු සමහර දේවල් වල තියන ගැඹුරු බව අවබෝධ කරගන්න හංසිට වැඩි වෙලාවක් ගියේ නෑ….

ආදරයක් හෝ මිත්‍රත්වයක් හෝ මොනයම් ආකාරයක බැඳීමක් වුනත් හරි පරිස්සමට පවත්වගෙන යන්න ඕනා. සමහර අමාරුවෙන් ඇතිකර ගන්න බැඳීම් ඉතා ඉක්මනට විනාස වෙලා යන හැටි අපි මේ සමාජේ ඕනා තරම් දැකලා තියනවා.
ඒ මොනවා වුනත් හංසි හැමදෙයක්ම කරේ පරිස්සමට…

කිසිම දේකට හදිසියක් එයාගෙ හිතේ තිබ්බෙ නෑ.

“චතූ.. ඔයා අද අපේ ගෙදර එන්න. පහුවදාට ආයේ මාත් එක්ක එන්න පුලුවන්නෙ,ඔයා හෙමීට අපේ නංගි එක්ක අයියා ගැන කතා කරන්න,එයාට අයියා ගැන කියමු”

“ම්ම්.. ඇති යන්තම්.. ඔයා නංගිට අයියා ගැන කියනවා කියන්නෙ ඔයා අයියාට කැමතියිනෙ නේද ” චතූ හංසිගේ ඇඟට කට්ටු කරන ගමන් ඇහුවා.

“මං කිව්වනෙ මට අකමැති වෙන්න හේතුවක් නෑ. ඒ වගේම කිසිම දේකට හදිසියකුත් නෑ.”

“හරි අද යමුකෝ ගෙදර.. මං හෙමීට හසිනි එක්ක කතා කරන්නම්.”

ලෙක්චර්ස් ඉවරවෙලා චතූත් හංසි එක්ක්ම හංසිගෙ ගෙදර ගියා. රෑ කෑමෙන් පස්සෙ හංසි,හසිනි සහ චතූ හයියෙන් හිනා වෙවී විනොදේන් කාලෙ ගතකරන්න යෙදුණා. චතූටත් හංසිටත් ඕනාවුනේ හසිනිව හොඳ මූඩ් එකක තියාගන්න. යම් වේලාවක් විනොදෙන් ගත කරාට පස්සෙ හංසි යමක් චතූට ඉඟි කරමින් එතනින් ඉවත්වෙලා ගියේ චතූට පැවරුණු රාජකිරිය ඉටු කිරීමට ඉඩ දීලයි. හංසි නැගිටලා ගියාට පස්සෙ හසිනි සමඟින් තනිවුන චතූ මේනක ගැන තමන් දන්නා සියලු⁣දේත්, මේනක සහ හංසි අතර මේ වනවිට ඇත්තේ මොනවගේ සම්බන්ධයක්ද යන්නත් හසිනිට පැහැදිලි කරා.

එය ඉතා සංයමයෙන් අසා සිටි හසිනි තම දෑත් රතුකර දත්මටි කමින් “කවුද මේනක කියන්නේ ? මට එයාව හමබෙන්න ඕනා. අක්කට තිබ්බනෙ මට කියන්න. ඇයි මෙච්චරකල් නොකීවේ.”

“අපි දන්නෙ නෑනෙ හසිනි ඔයා කලබල වෙයි කියලයි නොකීවේ”

“ඒ මගේ අක්කා,එයා කරන කියන දේවල් මං දැගන්න ඕනා,මට ඔය මේනක කියන කෙනාවත් ඉක්මනට හම්බෙන්න ඕනා. එතකොට මං කියන්නම් අක්කාට මෙයාව හරියනවාද නැද්ද කියලා”. හසිනි චතූට පිළිතුර දෙමින් කීවා.

ඒ සැනින්ම මේනකට කෝල් එකක් ගත්තු හංසි, “අයියේ අපේ නංගිට අයියාව හම්බෙන්න ඕනා කිව්වා,ඔයත් එක්ක කතා කරන්න ඕනලු, ඔයාට පුලුවන් නේද හවසක වේලාසන එන්න?’

“ඔයා නංගිට කිව්වද අපි දෙන්නා ගැන?. එයා මොකද කිව්වෙ මට බැන්නද?” මේනක පුදුම වෙමින් අහද්දී හංසි කිව්වෙ

“එහෙම තරහා ගියපු පාටක් නම් පේන්න තිබ්බෙ නෑ අයියේ. එයාට ඕනා වෙලා තියන්නෙ ඔයා එක්ක කතාබහ කරන්න විතරයි,ඒ නිසා ඔය හැමදෙයක්ම දැනගන්න තමයි එයාට වුවමනා වෙලා තියන්නෙ” හංසි මෙනකගෙ හිත හදන ගමන් කිව්වා.

ඇස් තවම ආදරෙන්..

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි පහළොස්වැනි වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ දාසයවැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: