hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 9:45



හසිනිව හම්බෙලා කතාබහ කරන්න මේනකටත් මුලින් ලොකු වුවමනාවක් තිබුණත් එක පාරටම පුංචි බයකුත් දැනුනේ ඇගේ ප්‍රතිචාරය කුමක් වේ දැයි නොදන්න නිසා…

“හම්බෙන්න ඕනා කියලා තිබ්බා නම් බං නංගිගේ ලොකු අවුලක් නෑ උඹ ගැන, කොහොමත් උඹේ ෆොටෝ එකකුත් නංගි බලන්න ඇතිනේ,උඹ ගැන විස්තරත් අහන්න ඇතිනේ,උඹට අකමැති නම් ඒ වෙලාවෙම බනිනවානේ බං,මට නම් හිතෙන්නෙ හසිනිගේ එහෙම අවුලක් නැතිවෙයි,ඒ නිසා උඹ බය නැතුව ගිහින් කතා කරපන්.”බෝඩිමට ඇවිත් විස්තරේ කිව්වට පස්සෙ දුමින්ද මේනකව කූල් ඩවුන් කලේ එහෙම කියල..

“බය නෙමෙයි බං.. මං මොකට බය වෙන්නද,මං කියන්නේ බං අපි කෙල්ලො ගැන හරියට දන්නෙ නෑනෙ,හැමෝම කියන විදියට ඒ කෙල්ල ටිකක් වසයි, අක්කත් බයයි නංගිට,එන්න කියලා හයියෙන් කෑ ගහන්න ගත්තොත් එහෙම…”

“⁣යකෝ ඒ හංසිගේ නංගි නේද, හංසි එහෙම නෑනෙ,ඒ දෙන්න නිවුන්නුනෙ බං, අක්කා වගේම තමා නංගිත්,ඒ හින්දා විකාර කියවන්නෙ නැතුව ගිහින් හම්බවෙලා කතා කරපං”

“ම්ම්.. බලමුකෝ දවසක් කියයිනෙ හම්බෙන්න,මේ ඒක නෙමෙයි.. දැන් කාලෙක ඉඳන් මාත් මේ කෙල්ල ගැන හිතන්න ගත්තට පස්සෙ උඹත් එක්කත් හරියට කතා කරන්න බැරි වුනානෙ,මං අහන්න හිටයේ උඹෙන් උඹ මේ දවස් වල කෙල්ලත් එක්ක වැඩිය කතාබහ කරනවා දැක්කෙ නෑනෙ,මොකක්හරි අවුලක්ද ?”

මේනක දුමින්දගෙන් එහෙම ඇහුවේ කාලයක් තිස්සෙ ආශ්‍රය කරන දුමින්දගෙ පොඩි හරි වෙනසක් දකින්න තිබුන නිසයි…
දුමින්දත් හැමදාම වැඩ ඇරිලා බෝඩිමට ආවට පස්සෙ ඔක්කොම ඉවර වෙලා ෆෝන් එක අතට ගන්නෙ කෙල්ලත් එක්ක කතා කරන්න..

සමහර දවස් වලට ඒ කෝල්ස් පාන්දර වෙනකන්ම දිගට ඇදෙනවා.

ඒත් දැන් දවස් කිහිපයක ඉඳන් මේ සුපුරුදු ජිවන රටාවේ වෙනසක් මේනක දැක්කත් ඒ ගැන දුමින්දගෙන් අහන්න වෙලාවක් තිබ්බෙ නෑ..

වෙලාවක් තිබුණත් මේනකට දුමින්දගේ ප්‍රශ්න වලට ඇහුම්කන් දෙනවාට වඩා උනන්දුවක් තිබුනේ හංසි එක්ක කතා කරන්න…

ඒත් මේ වෙලාවේ නම් මේනක දුමින්දගෙ වෙනස ගැන ගොඩාක් උනන්දු ⁣වුනා. දෙන්නම එකම බෝඩිමේ එකට උයාගෙන පිහාගෙන කන දුක සැප බෙදාගන්න ඉන්න යාලුවෝ දෙන්නා…

ඒ නිසා යාලුවට මොකක් හරි ප්‍රශ්නයක්දැයි දැනගැනීමට මේනකට තිබුබේ ලොකු උනන්දුවක්.

කොහොම වුනත් මේනක අහපු ප්‍රශ්නයට දුමින්ද උත්තර දුන්නේ “ඒවා වැඩක් නෑ බං කතා කරලා.. ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒවා උඹට කිව්වා කියලා උඹට ඒවට උත්තර හොයන්න බෑ සහෝදරයා.”

“හරි බං උත්තර හෙව්වා හරි නැතා හරි ප්‍රශ්නයක් තියනවානම් කියපං. මං උඹ එක්ක එකට ඉන්න එකා.මට උත්තර හොයන්න බැරි දෙයක් වුනත් අඩුම ත⁣රමේ ඇහුම්කන් දෙන්න හරි පුලුවන් වෙයි. අපි යාලුවෝ ආශ්‍රය කරන්නේ ඒකටනේ බං.”

ජීවිතේ සමහර ප්‍රශ්න මිනිස්සුන්ට එ⁣න්නෙ තනිවම දරාගන්න බං. කමක් නෑ උඹ හිතුවා හරි. මට දැන් මේක එපා වෙලා තියන්නෙ බං. මං රස්සාවක් කරන මනුස්සයෙක්. මං ගොඩාක් කාර්යබහුලයි,උඹ දන්නවනේ මට හැමතිස්සෙම කෙල්ලගේ කෝල්ස් ආන්ස්වර් කරන්නයි මැසේජ් වලට රිපලයි කරන්නයි බෑ,මේ ටිකේම කෙල්ල මාත් එක්ක රන්ඩු එයාගෙ කෝල්ස් මැසේජ් මගාරිනවා කියලා,උඹ දන්නවානේ අපි මේ කොළඹ ඉඳන් කීයක්හරි හම්බ කරගන්න කන කට්ට. බස් එකේ කෝච්චියේ තෙරපිලා බෝඩිමට එද්දී හොඳ ගනං,මට දැන් එපා වෙලා බං තියන්නෙ,ඒ හිනදා තමයි මේ ටිකේ මං වැඩිය කොල් කරේ නැත්තෙ, අනික මට තියන ලොකුම ප්‍රශ්නෙ අපේ ගෙවල් වලිනුත් මේක දන්නවනේ බං, අපි හැමදේකටම ඉස්සර වුන මෝඩකම කියලා දැන් හිතෙනවා..

දුමින්ද ඒ විදියට තමන්ගෙ හිතේ කැකෑරුන ප්‍රශ්න එකින් එක මේනකට කියන්න ගත්තා…

යලුවගේ දුකට සවන්දෙමින් සිටි මේනකගේ ෆොන් එක රින්ස් යන්න ගත්තේ කාලෙකට පස්සෙ දුමින්දගේ සහ මේකනගේ සංවාදයට බාධා කරමින්.

“අයියේ.. ඔයා නිදිද.,දැන් ගොඩාක් රෑ වෙලා,ඔයාගෙන් කෝල් එකක්වත් මැසේජ් එකක්වත් නැති හින්දයි මං කෝල් කරේ,වෙනදට නම් නිදාගන්න කලින් ඔයා ⁣මැසේජ් එකක් දෙනවනෙ,අද ඒ මුකුත් නෑ” …

ඇස් තවම ආදරෙන්…

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි දාසයවැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ දාහත්වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: