hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 5:23



හංසිගේ ඇමතුම මේනකගේ හිත ගොඩාක් කලබල කලා.ඒ වෙද්දි මේනකගෙ ඔලුවේ තිබුනෙ දුමින්දගෙ ප්‍රශ්නෙ..

දුමින්දගේ පෙම්වතිය හිතන පතන විදිය ගැන කතා කරකර හිටපු මේනකට හංසිගෙන් ආව කෝල් එකෙනුත් අහන්න ලැබුණේ ඒ හා සමානම ප්‍රතිචාරයක්..

“බබා අනේ සොරි.. මං මේ දුමින්ද එක්ක ලොකු කතාවක හිටියේ,ඒකයි ඔයාට කතා කරන්න බැරි වුනේ,මට පොඩි වෙලාවක් දෙන්නකෝ,මං ඉක්මනට ගන්නම් ඔයාට.”

“හ්ම්.. මං තව වැඩිවෙලා ඇහැරන් ඉන්නෙ නෑ,ඔයා ඉක්මනට ගන්න, මං ආන්ස්වර් කරේ නැත්තං මං නිදි.” හංසි කෝල් එක කට් කලේ ටිකක් කේන්තියෙන්..

“මොකද උඹ බය වෙලා වගේ.. හංසි මොනාද කිව්වේ..? කෝල් එකක් දුන්නෙ නෑ කියලා බැන්නා නේද ?” මේනකගේ මූන දිහා බලන් කින්ඩියට වගේ සිනහවෙමින් දුමින්ද ඇහුවා.

“නෑ බං බැන්නෙ නෑ..ඒත් මං මේ කල්පනා කරේ හැම කෙල්ලම හිතන්නෙ එකම විදියකට ද කියලා,මං උඹේ කතාව අහගෙන හිටියෙ,උඹලා දෙන්න අතර මේ විදියට ප්‍රශ්න ඇතිවෙලා තියන්නෙත් මේ වගේ ⁣පුංචි දේවල් වලටනෙ,හංසිත් ඒ වගේ පුංචි දේවල් ගැන ගොඩාක් ලොකුවට හිතනවා වගේ”මේනක ටිකක් කල්පනා කරල එහෙම කිව්වා..

“මචං මං උඹට දෙයක් කියන්නම්.. කෙල්ලෙක් එක්ක ආදරේ කරනකොට ඒ කෙල්ල අපෙන් ⁣බලාපොරොත්තු වෙන දේවල් ගොඩාක් තියනවා, මුල් කාලෙදී හැමෝම හොඳින් ඉන්කවා පැය ගණන් කතා කරනවා,ඒත් බං අපි වගේ මනුස්සයින්ට ප්‍රායෝගික ජීවිතේදී එහෙම ඉන්න අමාරුයි බං,අපි පිරිමිනේ බං,අපි කෙල්ලො තරම් බොළඳ නෑ,අපිට හැමතිස්සෙම එයාලා එක්කම කාලේ ගත කරන්න බෑ,ඒත් එයාලා අපෙන් එහෙම බලාපොරොත්තු වෙනවා,මට වුනේ ඒක මචං. මං ඒකයි උඹටත් කියන්නෙ උඹයි හංසියි ඉන්නෙ තවම මුල් අවදියෙ.උඹට හැමතිස්සෙම ඒ කෙල්ල එක්කම කාලේ ගත කරන්න බෑ බං,උඹත් රස්සාවක් කරනවා,ඒ කෙල්ල තවම කැම්පස් එකේ ඉගෙන ගන්නවා,ඒ නිසා අඩුපාඩු සිද්ද වෙන්න පුලුවන්,හරි පරිස්සමට අපි මේ දේවල් මැනේජ් කරගන්න ඕනා බං. නැත්තං උඹටත් මට වගේම ඕක එපා වෙයි.”දුමින්ද තමන්ගෙ ජීවිතේ ගතකරද්දි ලැබුනු අත්දැකීම් එක්ක පැහැදිලි කලා…

බොහෝ වේලාවක් දුමින්දට සවන්දුන් මේනක තමන් හංසි ගැන මීට වඩා උනන්දුවක් දක්වන්න ඕනා යැයි සිතා හංසිට කෝල් එකක් ගත්තා…

ඒ වෙලාවෙ රෑ දොලහත් පහුවෙලා තිබුන නිසා හංසිට නින්ද ගිහින්.. මේ වගේ දේවල් ඉස්සරහට තව කොච්චර වේවිද ?ඒ හැම අවස්තාවකම හංසි කොහොම හැසිරේවිද ? දුමින්දට වුනා වගේ තමන්ටත් ආදරේ අහිමි වේද යන බිය මේනකගේ යටිහිතේ දෝංකාර දෙන්න ගත්තා…

“දැන් උඹත් නිදාගනිං.. කොල් කරලා ඒ කෙල්ලව ඇහැරවන්න යන්න එපා,හෙට උදේට හම්බෙනවානෙ කොහොමත්, අනික මං කියපුවා උඹ සීරියස් ගන්න එපා, මං කිව්වෙ මට වෙචච දේ,උඹට ඒ දේවල් වලින් යමක් ඉගෙනගෙන ප්‍රශ්න ඇති නොවෙන විදියට දෙන්නත් එක්ක සතුටින් ඉන්න උත්සාහ කරපන්,දැන් ඔය ලයිට් එක නිවලා නිදාගනිං”දුමින්ද කියපු දේවල් ටික රෑ එලිවෙනකල්ම මේනක කල්පනා කලා….මුලු රෑම…

ඇස් තවම ආදරෙන්

මේ ආදරණීය ආදර කතාව “ඇස් තවම ආදරෙන්” නමින් ඔබට ස්මාර්ට් තිරයක් තුලින් දිග හැරෙනවා. එහි දාහත්වැනි කොටසයි “ඒෂියන් මිරර්” අපි මේ ගෙන ආවේ. මේ නවකතාවේ දහඅට වැනි කොටස හෙට බලාපොරොත්තුවන්න..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: