hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 24, පෙ.ව. 5:14



22 හැවිරිදි තරුණියක ඝාතනය කර සිරුර ගමන් මල්ලක දමා අධිවේගී මාර්ගයක් ආසන්නයේ දමා ගිය පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මෙම ඝාතනයට සැකපිට එම තරුණියගේ පියා අත්අඩංගුවට ගත් බවයි.

තරුණියගේ සිරුර ගමන් මල්ලක බහා උත්තර් ප්‍රදේශ්හි අධිවේගී මාර්ගයක් අසල දමා ගොස් තිබියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත එය සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇති තරුණිය දිල්ලි ප්‍රාන්තයේ විද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරමින් සිටියදී ඇති වූ ප්‍රේම සම්බන්ධතාවක් මත තරුණයෙකු සමග විවාහ වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තරුණියගේ කුලයට වඩා අදාළ තරුණයා කුලයෙන් පහත් වීම හේතුවෙන් තරුණියගේ පියා ඇය ඝාතනය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ඝාතනයට ලක්ව ඇති තරුණියගේ සිරුරේ ස්ථාන කිහිපයකම තුවාල ඇති බවට අනාවරණය වී තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ තරුණියගේ පපුවේ ස්ථාන දෙකකට එල්ලවූ වෙඩි ප්‍රහාරවලින් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඝාතනයට භාවිත කළ බවට සැකකෙරෙන ඇයගේ පියා සතුව තිබූ තුවක්කුවක්ද පොලීසිය විසින් සොයාගැනීමට සමත්ව තිබෙනවා.

ඊට අමතරව මළ සිරුර ප්‍රවාහනය කිරීමට භාවිත කළ මෝටර් රථයද පොලීසිය භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අම්මයි තාත්තයි දුවව මරා ට්‍රැවලින් බෑග් එකක දාලා – ඇඟකිලිපොලා යන ඝාතනයක් (PHOTOS)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: