hit counter

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 10, ප.ව. 4:06



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

මේ වෙනකොට ජැක්සන්ව බලන්න ගොඩක් දෙනෙක් ජයරත්න මල්ශාලාවට පැමිණෙමින් සිටිනවා.

ඒ අතරේ කලාකරුවෝ, දේශපාලඥයින් සහ ඔහුගේ රසික ප්‍රජාවද වෙනවා.

 ප්‍රවීණ ගීත රචක බන්දුල නානායක්කාරවසම් මහතාද සිය සහෘදයාට අවසන් ගෞරව දක්වන්න ගොස් තිබෙනවා.

අති විශාල සෙනඟක් සිටින පෝලිමේ ගොස් ඔහු ජැක්සන් ඇන්තනී මහතාට අවසන් ගෞරව දැක්වීම ගැන ඔහු සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

එම සම්පුර්ණ සටහන පහතින්,

ජැක්සන් !

උඹ රඟපාපු , හදපු දේවල බලන්න පෝලිමේ හිටියෙ නෑ

නමුත් ,

නිර්මානකරුවෙකු විදියට ගේට්ටුවේ සිටි රෝහිත විජේසිංහ මාව ගන්න හැදුවා පෝලිමෙන් පිට

නෑ මචං

මම සාමාන්‍ය මිනිස්සු එක්ක SLBC කිට්ටුවට තිබ්බ පෝලිමේ අග්ගිස්ස හොයාගෙන ගියා ; පෝලිමේ හිටියා

ගාමිණී අය්යා ( සුමනසේකර ) කීව ගේට්ටුවෙන් යන්න කියා ; හේතුව artiste ල ගියේ එහෙම තමා

නෑ ජැකා

මම key board නිලන්ත එක්ක පෝලිමේ හිටියා

සාමාන්‍ය මිනිස්සු එක්ක

වැස්සත් නතර වෙලා

ඒත් උඹේ හදවතත් නතර වෙලා

පෝලිමේ අව්ව සිනිඳු රැස්මාලා වුනා යසෝධරාවතේ වගේ

ඒ උඹ බලන්න එන නිසා

උඹ දැනෙන්න ජීවත් වුණා

හොඳටම දැනෙන්න වෙන් වුණා





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: