2023 අප්‍රේල් 16, පෙ.ව. 12:12
වයස අවුරුදු 65 ක විවාහක කාන්තාවකට ස්වාමි පුරුෂයාගේ පෙර විවාහයේ පුත්‍රයා විසින් ස්ත්‍රී දූෂණයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා.
වින්දිත කාන්තාව, තමාගේ පළමු විවාහයේ පුරුෂයා මිය යෑමෙන් පසු, දෙවන විවාහයක් සිදු කර ගෙන ඇයට දාව උපන් පුතු, දෙවන සැමියාගේ පෙර විවාහයේ පුත්‍රයා (සැකකරු) සහ ස්වාමියා සමඟ නිවසේ ජීවත්ව සිටියදී, මෙම සිද්ධියට මුහුණ පා ඇති බව පොලීසිය සඳහන් කළා.
තම පුත්‍රයා නිවසේ නොමැති අවස්ථාවක දී සැමියා වෙනත් කාමරයක නිදා සිටියදී තමා නිදා සිටි කාමරයට පැමිණි සඳහන් කළා.
සැකකරු බලහත්කාරයෙන් තමාට ස්ත්‍රී දූෂණයක් සිදු කළ බව පැමිණිලිකාරිය සිදුකළ ප්‍රකාශ වල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.
පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කිරීමේදී සැකකාර පුත්‍රයා මීට දින කිහිපයකට පෙර අපරාධ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව දැන දැන ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ බවද පොලීසිය කියයි.
වින්දිත කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි ඊ.ජී.වී.එන්. ගුණරත්න මහත්මිය වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාව ලබා ගැනීමට නියමිතව තිබුණා.
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26