hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 11, පෙ.ව. 12:07



මාලඹේ හල්බරාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු පහයි මාස හයක් වයසැති ජොනතන් මාර්ක් ෆොන්සේකා නැමැති දරුවාගේ මළ සිරුර ප්‍රදේශයේ වැඩ බිමක තිබියදී හමුවුනේ උදරයේ කැපුම් තුවාලයක්ද සහිතවයි.

දරුවා මිය යාමට පැයකට පමණ පෙර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් දරුවා එම වැඩ බිමේ සිටින ආකාරය දැක තිබූ අතර ඇය පවසා තිබුනේ එම අවස්ථාවේ තවත් පුද්ගලයෙක් ඒ අසල තණකොළ කපමින් සිටි බවයි.

ඒ අනුව එහි සිටි බව කියන තණකොළ කැපූ පුද්ගලයාගෙන් මුල්ලේරියාව පොලීසිය දීර්ඝ වශයෙන් කල ප්‍රශ්න කිරීම් හමුවේ පාපොච්චාරණය කර තිබුණේ තම තණකොළ කපන යන්ත්‍රයේ තලය දරුවාගේ උදර ප්‍රදේශයේ ගැටීමෙන් බරපතල කැපුම් තුවාල සිදුවී දරුවා මිය ගිය බවයි.

ඒ අනුව ඊයේ පස්වරුවේ මුල්ලේරියාව පොලිසිය මගින් තණකොළ කපමින් සිටි පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවා.

51 හැවිරිදි එම පුද්ගලයා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක අතර දරුවාගේ දේහය ඊයේ භාරකරුවන් වෙත භාර දුන්නා.

ඒ අනුව දරුවාගේ දේහය මේ වන විට තලාහේන ප්‍රදේශයේ මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.

“මට දැන් ආච්චි කියන්නේ කවුද?අනේ මගේ දරුවා කෝ??” යනුවෙන් දරුවාගේ මිත්තණිය හඬා වැටෙමින් කියා සිටියා.

දේහය පිළිබඳ අවසන් කටයුතු තලාහේන පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: