hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 10:48



පසුගිය වසරේ ගෝඨාගෝගම අරගලය සඳහා ඉදිරිපෙළින් දායකත්වය සැපයූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති තරුණයා මානසික අවපීඩන තත්වය මත ජීවිතයෙන් සමුගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ගෝල්ෆේස් අරගලය ආරම්භ කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ අයෙකු වූ ඔහු ගෝඨා ගෝ ගම පළමු කුඩාරම ඉදි කළ පුද්ගලයා බවද කියැවෙනවා.

ඔහු මානසික අවපීඩනය සඳහා ප්‍රතිකාර ගනිමින් සිට තිබෙන බව වාර්තාවී තිබෙනවා.

ඔහුගේ සිය දිවි නසාගැනීම පුද්ගලික හෝ සෞඛ්‍ය හේතු මත සිදුවන්නට ඇතැයි අනුමාන කෙරෙන අතර ඔහු ‘පූර්ව අරගලකරුවෙකු‘ වීමත් ‘කලකිරීමකින්‘ දිවිනසාගැනීමත් මත ඔහුගේ මරණය සම්බන්ධ කරගෙන අරගලයට හා එයට සම්බන්ධවූ අයට මඩගැසීමේ ෆේස් බුක් සංවාදයක්ද මේ වනවිට නිර්මාණයවී තිබෙනවා.

මියගිය බුද්ධි ප්‍රබෝධ මියයන්නට පෙර නිවසේ සිටියදී ලියූ බව කියැවෙන ලියුමක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන නමුත් එය ඔහුගේද නැතිනම් ඔහුගේ මරණය සමග කිසිවෙකු නිර්මාණය කර පතුරුවාහරින ලද්දක්ද යන්න පැහැදිලි නැත.

එහි වැඩිමනක් තොරතුරු ලෙස ඇත්තේ අරගලය සම්බන්ධ විවේචනයක් වීමද විශේෂිතයි.

එම සැක කටයුතු ලියුම පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: