hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 19, පෙ.ව. 9:34



සේනානායක වෙරලියද්ද කියලා කියන්නේ අපේ ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් කියලා කිව්වොත් නිවැරදියි.

ඔහුගේ ගීත ඇසීමටම සමහර ප්‍රේක්ෂකයන් සංගීත සංදර්ශන වලට සහභාගී වෙනවා.

පසුගියදා පැවති සංගීත සංදර්ශනයකදී හරි අපුරු සිදුවීමක් වෙලා තියෙනවා.

ඒ එකම වේදිකාවක යුග තුනක් නියෝජනය වීමක්.

එහිදී සේනානායක වෙරලියද්ද, චාමර වීරසිංහ සහ දමිත් අසංක තමයි වේදිකාව රසවත් කරලා තියෙන්නේ.

ඒ ගැන චාමර වීරසිංහ සිය අද්දැකීම මුහුණුපොතේ මෙලෙස අකුරු කරන්නත් අමතක කළේ නැහැ.

එම සටහන පහතින්,

1997 වර්ෂයේ සිට පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම සමඟ එහි නියාමක ගායන ශිල්පියෙකු ලෙස කටයුතු කරන කාලය තුල, සේනානායක වෙරලියද්ද මහතාගේ ගීත මා ගායනා කරන විට කවදා හෝ දවසක මගේම ගීතයක් මට ආදරය කරන ආදරණීය රසිකයන් වෙනුවෙන් නිර්මාණය කිරීමට මහත් වූ ආශාවක් තිබුනි. ඒ බලාපොරොත්තුව 2000 වර්ෂයේ දී යතාර්ථයක් කරමින් “සිතින් විතරක්” කැසට් පටය එලිදැක්වීමට මට හැකි විය.

එදා සිට අද දක්වා සේනානායක වෙරලියද්ද මහතාගේ ගීත මා ගායනා කලද, ඒ මහා හඬ පෞරුෂයට සම කිරීමට නොහැකි බව මා දනිමි. ඔබතුමාට හදවතින්ම ස්තුතියි මෙතුවක් දුර ඒමට මා හට දුන් ආශීර්වාදයට.

මටත්, මා මිතුරු දමිත් අසංකටත්, වෙරලියද්ද මහතාටත් මෙම අවස්ථාව ලබා දුන් මෙම ප්‍රසංගය සංවිධානය කල ආදරණීය සෑම හදවතකටම හදවතින්ම ස්තුතියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: