hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූනි 10, ප.ව. 2:07



පසුගිය 30 වැනිදා රාත්‍රිය හැමෝම බලාගෙන හිටපු රාත්‍රියක් වුණා.

ඒකට හේතුව සෑම වසරකම පාහේ විවිධ ආන්දෝලනාත්මක කතා මතු වෙන චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය මෙවර පැවැත්වුණේ පසුගිය 30 වැනිදා.

සුපුරුදු පරිදි මේ වසරේත් තේමාවකට තමයි හැමෝම මේ සාදයට සැරසිලා ආවේ.

මෙම උපන්දින සාදය ගැන බොහෝ පිරිසකගේ කතා බහට ලක් වුණානේ.

ආයෙත් මේ වගේ ලොකුවට උපන් දින සාද ගන්න එක චන්දිමාල් නවත්වනවා කියලයි ආරංචිය.

ලඟම හිතවතුන්ට කියලා පුංචියට සාදයක් ගන්න එකලු චන්දිමාල්ගේ ඊලඟ ප්ලෑන් එක.

සල්ලි වියදම් කරලා පාටි දාලා සමාජ මාධ්‍යවල මිනිස්සුන්ගෙන් බැණුම් අහනවට වැඩිය දන්න කිහිප දෙනෙක්ට කියලා සද්ද නැතුව පාටියක් ගත්තම කිසිම ප්‍රශ්නයක් නෑ කියලයි ඔහු කියනවා කියන්නෙ.

පවත්වපු උපන් දින සාදයටත් යූටියුබ් කරන අයට එන්න දුන්නෙත් නැත්තේ පසුවට එන ගැටළු ගැන හිතලලු.

හැමදාම බැණුම් අහන එක ගැන තමන් කළකිරීමෙන් ඉන්නවා කියලයි චන්දිමාල් ප්‍රකාශ කරලා තියෙන්නෙ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: