hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 14, පෙ.ව. 6:21



චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ.

ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.

වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදියි. 

ඒ විතරක් නෙවෙයි මේ වන විට තවමත් තරුණ වියේ පසුවෙන ඔහු රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට ජාත්‍යන්තරය ජය ගෙන අවසන්.ශ්‍රී ලංකාවේ විවිධ රූප රාජිනිය තරඟාවලි ඔහුගේ යටතේ සංවිධානය වෙනවා.

විශ්ව රූ රැජින තරඟය තරගය මූලිකත්වය අරගෙන කරන්නේ චන්දිමාල්.

පසුගිය දවස් වල ඒ සම්බන්ධයෙන් සිද්ද වෙච්ච යම් යම් සිදුවීම් නිසා චන්දිමාල් ගැන නැවත වතාවක් කතා කරන්න පටන් ගත්තා.

පිරිමි පුද්ගලයෙක් විදියට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ඔහු එන්නෙ කොහොමද කියලා අහපුවාම එ අතීතය ගැන චන්දිමාල් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“අහම්බෙන් තමයි රූපලාවන්‍ය පැත්තට යොමු වුණේ.ඊට කලින් පරිගණක පාඨමාලා වැනි පාඨමාලා කිහිපයක් කළා.නමුත් ප්‍රයෝජනයක් වුණේ නැහැ පස්සේ ගෙදර මල් හදන්න මම පුරුදු වුණා.හැඩගැන්වීම් පිළිබඳ අත්හදා බැලීම් කළා.රූපලාවන්‍ය පිළිබඳව පාඨමාලා හදාරන්න තරම් වත්කමක් මට තිබ්බෙ නැහැ.ඒ නිසා වෘත්තිය ජීවිතය ගුරුවරු මට නැහැ මේ කලාව මම ඉගෙන ගත්ත අත්හදා බැලීමෙන්”

ඕනෑම කෙනෙක් රැකියාවක් පටන් ගත්තහම හැකියාවෙන් ඔහුට ලැබෙන පළවෙනි පඩිය හරිම විශේෂයි.

ඉතිං රූපලාවන්ය ශිල්පියෙක් විදිහට චන්දිමාල්ට ඒ ආකාරයෙන් ලැබුණු පළවෙනි පඩිය ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“music video එකක හැඩගැන්වීම් කරලා රුපියල් පන්සීයක් ලැබුන මට.උදේ පාන්දර පහේ ඉදන් හවස පහ වෙනකම්ම දහ පහළොස් දෙනෙක් ව මේකප් කරලයි ඒ මුදල මට ලැබුණේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: