hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජූනි 06, පෙ.ව. 10:52



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

පියුමිගේ නමත් එක්ක කියවෙන තවත් නමක් තමයි චන්දිමාල් ජයසිංහ කියලා කියන්නේ.

ඔහු මෙරට සිටින අංක එකේ ජනප්‍රියම රූපලාවන්‍ය ශිල්පියෙක්.

පියුමිගේ හොදම යාලුවා වෙන්නේ චන්දිමාල් ජයසිංහ.

ඔහුගේත් හොදම යාලුවා වෙන්නේ පියුමි.

මේ මිත්‍රත්වය ගැන නිතරම වගේ කතාබහට ලක්වෙනවා.

මේ දිනවල හැමෝම කතාබහ කරන දේවල් අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය විශේෂයි.

මේ උපන්දිනය සාදය ගැන වගේම එයට සහභාගි වුණු අයගේ ඇඳුම් විලාසිතා ගැන මේ දිනවල හැමෝම කතා කරනවා.

චන්දිමාල්ගේ උපන්දිනයට සහභගි වුණු ඔහුගේ හොඳම යෙහෙළිය වන පියුමි හංසමාලි චන්දිමාල්ට උපන්දිනයට හිතාගන්නවත් බැරි තෑග්ගක් දීලා තිබුනා. 

ඩුබායිවල පිහිටි ලෝක ප්‍රකට සන්නාමයක් වෙන Cartier වෙළඳසැලකින් මිලියන ගණනක් වටිනා අත්පළඳනාවක් පියුමි මිලදී ගත්තා.

චන්දිමාල්ගේ උපන්දිනය තෑග්ග විදිහට පියුමි දීලා තිබුණේ ඇය මිලදී ගත්ත ඒ අත්පලදනාවයි.

චන්දිමාල් එම අවස්ථාවේදී ගත්ත ඡායාරූප කීපයක් සහ වීඩියෝපටයක් ඔහුගේ සමාජ මාධ්‍යවල පල කරමින් පියුමිට ස්තූති කරන්න සටහනක්ද ලියා තිබුනා.

“මගෙන් නිතරම ඇහුවා චන්දි ඔයාට මොනාද ඔනෙ birthday එකට කියලා. මම මොකුත් එපාම කිව්වා මම කිව්වා ඔයාගෙ අතෙ තියන Cartier bangle එකක් ගලවලා දෙන්න නැන්දා කියලා. විහිලුවට කිව්වෙ ඇත්තටම දුන්නා. ඇත්තමයි මම දන්නවා ඔයාට සල්ලි තිබ්බා හො නැතා ඔයාට තියනවා ලස්සනම ලස්සන හදවතක්. එක මම දැං අවුරැදු 15 කට වඩා ඔයාත් එක්ක ඉන්න නිසා මම දන්නවා .ඔයාට කවුරැ මොනා කිව්වත් ඔයාගෙ හදවත හරිම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න ඔයා මට ඒ ඇති. හිත හොද අයට දවසක හරි යනවා කියලා අහලා තියනවා. අද ඔයාට හිතුවාටත් වඩා හරි ගියා මට හරිම සතුටුයි බුදුසරනයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: