hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 04, පෙ.ව. 12:00



චන්න පෙරේරා කියන්නේ ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රයටත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය ටත් නැතුවම බැරි රංගන ශිල්පියෙක්.

මුලින්ම රංගන ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයට ආවත් ඔහු අද වන විට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධයි.

එදා චන්න විසින් අධ්‍යක්ශණය කරලා නවක රංගන ශිල්පිනියක් වෙච්ච පූජා උමාශංකර් කරණයට ගෙනාපු අන්ජලී චිත්‍රපටියට අදටත් බොහෝ දෙනෙක් ආදරේ කරනවා.

ඒ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ චන්න කලාව තුළින් ඉගෙන ගත්ත බොහෝ අත්දැකීම් සහ දැනුම් සම්භාරයත් එක්ක.

ඒ වගේම තමයි කාලෙකට කලින් චන්න විවාහ වෙන්න තෝරගත්ත තවත් ක්ෂේත්රයේ ම දක්ෂ රංගන ශිල්පිනියක් වෙච්ච ගයාත්‍රී ඩයස්.

හැබැයි මේ විවාහයෙන් පස්සෙ කාලෙක දෙන්නම වෙන් වෙන්න තීරණය කළා.

චන්න පෙරේරා සතිඅන්ත පුවත්පතකට ගයාත්‍රීගෙන් දික්කසාදවීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.

ඒ මෙසේයි.

සිදුවුණු දේවල් වලට පසුතැවිල්ලක් නැද්ද?

අනේ නෑ. මට ලස්සන දුවල දෙන්නෙක් ලැබුණා. අපේ පවුලෙ ගෑනු ළමයි නැති නිසා මගේ විශේෂ කැමැත්තක් තිබුණෙ දුවලට. හැමදාම මං ප්‍රාර්ථනා කළේ දුවෙක්. මට දූල දෙන්නෙක්ම ලැබුණා. ජීවිතේ වෙන්න තියෙන දේවල්ලේ වෙන්නෙ. ඒ නිසා කිසිම පසුතැවිල්ලක් නෑ. ජීවිතය ගලාගෙන යද්දි ඒකත් අත්දැකීමක්. මට මෙහෙම සතුටකුත් තියෙනවා. ජීවිතේ ඒ ඒ කාලෙදි කරන්න ඔන හැම දෙයක්ම මං කළා. මං හිතනව මගේ ජීවිතේ සම්පූර්ණයි කියලා. නළුවෙක් විදිහටත් මං ආස කරපු අපේක්ෂා කරපු දේවල් මට ලැබුණා. මිනිස්සුන්ගේ ආදරේ නොඅඩුව ලැබුණා. තවත් මොනවද ඕන.

ආදරෙන් විවාහ වුණු ඔබ දෙදෙනා වෙන් වෙන්න හේතුව මොකක්ද ?

එහෙම කිසිම හේතුවක් නෑ. ඒ අපි දෙන්නගෙ තිබුණු නොගැළපීම. අපි දෙන්න දෙන්නෙක්නෙ. මම චන්න පෙරේරා. එයා ගයත්‍රි ඩයස්. සිදු වුණු සමහර දේවල් අද වැරදියි කියල හිතුනට ඒ වෙලාවේ වැරදියි කියල හිතෙන්නෙ නෑනෙ. මට සාපේක්ෂව මං හරියි කියන දේ වගේම ගයත්‍රිට සාපේක්ෂව එයා හරියි කියල හිතන දේත් තියෙනවා. ඒ නිසා අපි දෙන්නගෙන් කාටවත් ඇඟිල්ල දික්කර ගන්න බෑ ඉතින්.

නොගැළපීම් ගළපගෙන ජිවත් වෙන්න උත්සාහ කරන අයත් ඉන්නවා නේද?

ඔව්. එහෙමත් කියනවා. අපිටත් දරුවො වෙනුවෙන් ලොකු ඉවසීමක් තිබුණා. මං කියන්නෙ නෑ
අපි ගත්ත තීරණේ හරිම තීරණේ කියලා. දික්කසාද වෙන එක නෙවෙයි එකම තීරණය. ඒ වෙලාවෙ අපිට වෙන විසඳුමක් පෙනුණෙ නෑ.

නැවත විවාහ වෙනවද?

අනාගතය කොහොම වෙයිද දන්නෙ නැහැ. මේ මොහොතෙ මං ඉන්නේ එහෙම තීරණයක.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: