hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 මාර්තු 08, පෙ.ව. 5:55



මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනියම් බිරියක ලෙසින් සිටින බව කියන ජනප්‍රිය නිළියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවීමක් කර තිබෙනවා.

ඒ හයිබ්‍රිඩ් සුද්දා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව කියන සැකකරු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් ඇයට මිලදීගෙන දුන් නිවසක් සම්බන්ධ විමර්ශනයකටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඇයට මෙම කැඳවීම පසුගිය සිකුරාදා (03) කර ඇතත් එම නිළිය නොපැමිණීම නිසා යළිත් මෙම සතියේ පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.

මෙම නිළියට දකුණු පළාතේ නිවසක් හා පිළියන්දල ප්‍රදේශ​යේ නිවසක් ඇති බවද හෙළිවී තිබෙනවා.

මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අතරේ බ්ලුමැන්ඩල්හිදී පෙළපාළියකට වෙඩි තැබීමේ සිද්ධියකට හයිබ්‍රිඩ් සුද්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම නිළිය සමග දකුණු පළාතේ නිවසක සැඟව සිටියදීයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: