hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 පෙබරවාරි 03, පෙ.ව. 5:42



මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් නුවර පළාතේ සීතල ප්‍රදේශයකින් වාර්තා වෙනවා.

විදේශ ගතව රැකියාවක් කරන සැමියා සමග කතා කිරීම සඳහා බිරිඳට නවීන පන්නයේ ජංගම දුරකතනයක් තිබෙනවා.

සැමියාගේ මව්පියන් සමග නිවසේ කටයුතු කරන අතර තුර මුහුණු පොතේ වෙනත් නමකින් ගිණුමක්ද නිර්මාණය කරගෙන දුරකතනය සමග දවසේ වැඩි කාලයක් ඇය ගත කළා.

ටික දිනක් ගතවද්දී මුහුණු පොත හරහා හඳුනාගත් පුද්ගලයකු සමග පණිවුඩ හුවමාරු කරගනිමින් සිටි අතර නොදැනම ඔවුහු පෙම්වත්තු වී තිබෙනවා.

ඇය නිතර නිතර මුහුණු පොත ඔස්සේ පෙම්වතා සමග කතාබහ සිදුකළද මාමණ්ඩියට හා නැන්දණියට හොර රහසේ එය සිදු කළා.

තමා හමුවීමට පැමිණෙන ලෙස පෙම්වතාගෙන් ලද ආරාධනාව ඈ ප්‍රතික්ෂේප කළේ තනිවම ගමන් බිමන් යාමට සැමියා දමා තිබූ තහනම නිසායි.

සති අන්ත දිනයක මාමා සහ නැන්දා දුවගේ නිවෙසට යන බව දැනගත් ඇය එදින බොරු අසනීප තත්ත්වයක් පෙන්වා නිවසේ රැඳී සිටීමට තීරණය කළා.

සැලසුම් කරගත් පරිදි පෙම්වතාව නිවෙසට ගෙන්වා ගැනීම ඇයගේ අදහස වි තිබෙනවා.

වැඩිහිටියන් උදෑසනම සිය දියණියගේ නිවෙසට යාමට පිටත්වූ අතර දොරවල් වසා පරිස්සමට ඉන්නා ලෙස ලේලියට උපදෙස් දීමටද ඔවුහු අමතක නොකළා.

යතුරු පැදියකින් පැමිණි කඩවසම් තරුණ පෙම්වතා දුටු කාන්තාව සතුටින් ඉපිළ ගියාය. පෙම්වතා නිවෙසට ගත් කාන්තාව දොර වසා දැමුවා.

තමා විවාහවී සිටින බව ඇය පෙම්වතාට පැවසුවද එය ප්‍රශ්නයක් කර නොගන්නා ලෙස ඔහු පැවසීම නිසා කාන්තාවගේ සතුට දෙගුණ තෙගුණ වි තිබෙනවා.

කිසිවකුත් නැති නිවෙසේ සිත්සේ පෙම්සුව විඳීමට දෙදෙනා අමතක නොකළා.

උපක්‍රමශීලීව සියලු දේ කරගත් පෙම්වතා කාන්තාවට නින්ද යාමට සලස්වා ඇගේ නවීන දුරකථනය හා ලැප්ටොප් පරිගණකය අල්මාරියේ තිබූ රන්ආභරණ ආදිය සියල්ලම රැගෙන නිවසින් පිටව ගොස් තිබෙනවා.

දැඩි තෙහෙට්ටුව සමග නින්දගොස් සිටි කාන්තාව පියවි සිහියට පැමිණියේ මාමා සහ නැන්දා පැමිණ කතා කිරීමෙන් පසුවයි.

දිවාකාලය පිළිබඳව මෙනෙහි කරමින් සිටි ඇය පෙම්වතාට ඇමතුමක් ලබා ගැනීමට සිතා දුරකතනය සෙව්වද එය සොයාගත නොහැකි වුණා.

සිය කාමරයේ මේසය මත තිබූ ලැප්ටොප් පරිගණකයද නොමැති බව දුටු ඇය ඇතිවූ සැකය නිසා වහා අල්මාරිය විවෘතකර බැලු‍වා.

අල්මාරියේ තිබූ රත්රන් බඩු ටිකද නොමැති බව දුටු ඇගේ දෙලොවම රත් වී තිබෙනවා.

පෙම්වතා පිළිබඳව කිසිදු තොරතුරක් නොදන්නා නිසා ඇය අවසානයේ වැඩිහිටියන් දෙදෙනාට සත්‍යය හෙළි කළාය. පුතාට සිද්ධිය සැල කළ මව්පිය දෙදෙනා ලේලිය සිය මහ ගෙදරට යැවීමට කටයුතු කර තිබෙනවා.

ලේලිය පිළිබඳ රහස නැන්දණියගේ මුවින් පිටවීම නිසා කතාව ගමපුරා පැතිරීමට වැඩි දිනක් ගත වී නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: