hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 15, ප.ව. 1:45



සියඹලාණ්ඩුව පොලිස් වසමට අයත් රුහුණුදනව්ව ප්‍රදේශයේ පදිංචි අවුරුදු දහතුනයි මාස අටක් වයසැති දැරියක් කැඳවාගෙන ගොස් මාසයකට ආසන්න කාලයක් එකට ජීවත්වී දැරිය ඇයගේ නිවසට පිටත්කර යවා තරුණයා ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසනවා.

13 වෙනි දින දැරියව ඇයගේ පෙම්වතා විසින් නිවසට කැඳවාගෙන ගොස් ඇතත් තරුණයාගේ දෙමව්පියන් විසින් ඔවුන් භාරගෙන නොමැත.

පසුව තරුණයා අසල්වැසි නිවසක ඇය සමඟ අඹුසැමියන් ලෙස මාසයක පමණ කාලයක් ජීවත්ව සිට තිබෙනවා.

ඉකුත් 13 වෙනි දින තරුණයා විසින් යතුරුපැදියකින් දැරිය ඇයගේ නිවස අසල දමා පළාගොස් තිබෙනවා.

දැරියගේ පියා විසින් සිද්ධිය පිළිබඳ සියඹලාණ්ඩුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: