hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 24, පෙ.ව. 11:15



ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ නැගී එන කණ්ඩායම් අතර පැවති පළමු නිලනොලත් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිල සමත් වූ හෙයින් තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

රංගිරි දඹුලු පිටියේදී පැවති මෙම තරගයේ ශ්‍රී ලංකා පිලේ ආරාධනයෙන් පළමුව ලකුණු රැස් කළ බංග්ලාදේශ ඉනිම ලකුණු 223කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූවා.

ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජයග්‍රහණය හිමි කර ගත්තේ කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමිනි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු ලබා ගැනීමට පෙර බිඳ වැටුණ ද ශෙවාන් ඩැනියෙල්ට එකතු වූ පවන් රත්නායක දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සබඳතාවක් ගොඩ නැගුවා.

ඉන් අනතුරුව ඩැනියෙල් ලකුණු 27කට දැවී යාමෙන් අනතුරුව රත්නායකට එකතු වූ නවෝද් පරණවිතාන ජයග්‍රාහී වටපිටාව ශ්‍රී ලංකාවට විවර කර දීමට සමත් වුණා.

21 වනදා ජීවිතයෙන් සමුගත් සිය පියාගේ දේහය නිවසේ තැන්පත් කර තිබියදී මෙම තරගයට එක් වූ පවන් රත්නායක පන්දු 56කට මුහුණ දී හතරේ පහර 5ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 85ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: