hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 28, ප.ව. 5:05



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමට ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙනවා.

ඊට අදාළ නඩු තීන්දුව සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේදී අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

සිදු වීමට අදාළ සියළු කරුණු සලකා බලා විනිසුරු සාරා හගෙට් විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ධනුෂ්ක නිදහස් වූවද නඩුව සඳහා ධනිෂ්ක සමගින් පැමිණි තරුණිය කවුරුන් ද යන්න සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ඇති වූ කතාබහ තවමත් අඩුව නැහැ.

ඈ අන් කවරෙක් හෝ නොව ධනිෂ්ක වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය වන බවටත්, නඩු කටයුත්ත අතරවාරයේ මේ පෙම් සම්බන්ධතාවය ඇතිවී ඇති බවටත් සමාජ මාධ්‍යයේ තොරතුරු හුවමාරු වන්නට වුණා.

සමාජ මාධ්‍ය තුළ පමණක් නොව ඩේලි මේල් වැනි ජාත්‍යන්තර මාධ්‍ය පවා මෙම දුඹුරු කත සම්බන්ධයෙන් විශේෂිත අවධානයක් යොමු කොට තිබුණා.

කෙසේ වෙතත්, ඇය ධනිෂ්ක වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය නොවන අතර, ධනිෂ්ක වෙනුවෙන් පෙනී සිටින්නෙ නීතිඥවරයෙක්.

ඔහු ‘මුරුගන් තංගරාජ්’,

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බොහෝමයක් පුවත් හි සත්‍ය අසත්‍යතාවය සොයා බලන factcrescendo වෙබ් අඩවිය ද අදාළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමණාකරු ප්‍රසන්න රොද්‍රිගු මහතාගෙන් විමසීමක් කර තිබුණා.

ඡායාරූප සමාජ මාධ්‍ය

ධනිෂ්ක වෙනුවෙන් පෙනී සිටින්නෙ මුරුගන් තංගරාජ් නීතිඥවරයා බැව් ඒ මහතා ද තහවුරු කර තිබෙනවා.

මේ අතරතුර බොහෝමයක් ජාත්‍යන්තර මාධ්‍ය අදාළ තරුණියව හඳුන්වා දී තිබුණේ ඈ ධනිෂ්කගේ වත්මන් පෙම්වතිය ලෙසයි.

ඡායාරූප සමාජ මාධ්‍ය

එමෙන් ම Sleuthing Together නම් ලොව පුරා සිදුවන වැඩියෙන් කතාබහට ලක්වෙන නඩු විභාග සම්බන්ධ තොරතුරු වාර්තා කරන ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබුණේ, ධනිෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමේ සිටින්නේ නීතිඥයින් පමණක් බවත්, ධනුෂ්ක සමඟ සිටින ඔහුගේ වර්තමාන පෙම්වතිය ලෙස හැඳින්වෙන කාන්තාව ඔහුට සහය දැක්වීමට නඩුවාර සඳහා සහභාගි වන බව යි.

Sleuthing Together

එසේම අදාළ තරුණිය නීතිඥවරියක් හෝ නීතිය සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු හෝ සිදුකළ අයෙක් හෝ නොවන බවත් එහි සඳහන්.

Gaya Gerard




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: