hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:01



ධනුෂ්ක ගුනතිලක දෙස් විදෙස් මාධ්‍ය තුල පසුගිය දිනවල කතාබහට ලක් වුන මාතෘකාව බවට පත් වුණේ ඔහුට වුණ ස්ත්‍රී දූෂන නඩුවෙහි අවසන් තීරණයත් සමගයි.

මාස 11කට අධික කාලයක් පැවති මෙම නඩුවෙන් ධනුෂ්ක ගුනතිලක නිදොස්කොට නිදහස් කරන බවට විනිසුරු සාරා හගට් ප්‍රකාශ කල අතර එම තීන්දුවෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක් වූ ධනුෂ්ක ගුනතිලක ඔහුව විශ්වාස කල සැමට ස්තූති කරන්නට අමතක කලේ නැහැ.

ඒ වගේම ඔහුගේ වත්මන් පෙම්වතිය වූ එලින් ට විශේෂ ස්තූතියක් පල කලාඒ සෑම නැඩු විභාගයකදීම තමා පසුපස සිට තමන්ව දිරිමත් කිරීම නිසා.

එමෙන්ම මෙම අධිකරන තීන්දුව ලබා දුන් විනිසුරු සාරා හගෙට් මේ නඩුව සම්බන්ධව සඳහන් කර තිබුණා.

පැමිණිලිකාරිය බුද්ධිමත් තැනැත්තියක් බවත් බොරු සාක්ෂි ලබා දීමට සිතා මතා උත්සාහ කරන බවක් නොපෙනෙන්නට තිබූ නමුත් විත්තිකරුට අවාසිදායක තත්වයක් ඇති කිරීම සඳහා සාක්ෂි ලබා දෙන බවක් අවස්ථා කිහිපයකම දකින්නට තිබුන බව විනිසුරු සාරා හගෙට් පවසා තිබුණා.

ඒ වගේම අත්අඩංගුවට ගත් මොහොතේ සිට පොලීසිය ඔහුගෙන් කල ප්‍රශ්න කිරීම්වලදි,සෑම විටම අවංකව පිලිතුරු දෙමින් පරික්ෂන සඳහා සහය ලබා දුන් බවත් ලබා දුන් සාක්ෂි ප්‍රතික්ෂෙප කිරීමට හෝ විශ්වාස නොකර සිටීමට කිසිදු හේතුවක් නැතැයි සාරා හගෙට් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වගේම ධනිෂ්ක ගුනතිලක නිදහස් වුණ එක ගැන නායක දසුන් ඇතුළු කන්ඩායමේ සගයින් දක්වා තිබුන ප්‍රතිචාරද පහතින් දක්වා තිබුණෙ මෙලෙසින්,

Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: