hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 03, ප.ව. 6:50



මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ දර්ශන් ධර්මරාජ් මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණේ කවුරුත් නොසිතූ ආකාරයෙන්.

අති දක්ෂ රංගන ශිල්පියෙකු වූ දර්ශන් මෙරට සිනමාවට මෙන්ම ටෙලිනාට්‍ය කලාවටද ඉමහත් සේවයක් ඉටු කළ අයෙක්.

අවස්ථා කිහිපයකදීම සම්මානයට පත්‍ර වූ දර්ශන් මියගොස් ඇත්තේ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන්.

ඔහුගේ දේහය අද බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ අතර ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් එහි පැමිණියා.

ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණි රංගන ශිල්පී රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ තමාට දර්ශන් සමග රඟපෑමට අවස්ථාවක් නොලැබීම ගැන කණගාටු වන බවයි.

“දර්ශන් මහත්තයා එක්ක රගපාන්න මට බැරි වුණා. මම ඒ ගැන දුක් වෙනවා. අපි අන්තිමටම හමු වුණේ පොන්නි සෙල්වම් කියන අලුත් ෆිල්ම් එකේ තමයි හම්බ වුණේ. සැවෝයි එකේ කැන්ටින් එක ළගදී මම දර්ශන්ව හම්බ වුණාම අනේ මාව බදාගෙන ඉබගෙන එයා මම හිරෙන් ආවට පස්සේ ප්‍රථම වතාවට දැක්කේ එදා. මට විශ් කලා.මමත් ඔහුට විශ් කළා. ඊට දවස් දෙකකට පස්සේ තමයි ඔහු නැති වුණේ. අවුරුදු 41 මේ වගේ දක්ෂතාවලින් පිරුණු තරුණයෙක් ඈත රක්වානේ ඉදන් ඇවිල්ලා මෙච්චර දුර ඇවිල්ලා ක්ෂේත්‍රයේ මෙච්චර ආදරයක් දිනාගෙන සිංහල , දමිල සියලුදෙනාගෙම. ඒක බොහොම ආශ්චර්යයක්. සාමාන්‍ය මිනිහෙක්ට කරන්න බැරි දෙයක්. ඔහුට ලොකු ෆෑන් බේස් එකක් ඉන්නවා. ඔහුම කියලා තියෙනවා ඔහුට වැඩියෙන්ම ඉන්නේ සිංහල රසිකයෝ කියලා. ඉතින් ඔහු අර බෙග් මාස්ටර් කියපු කතාව වගේ තමයි මට කියන්න තියෙන්නේ. අපිව අන්තිමට බලාගත්තේ සිංහල ජනතාව කියලා මේ රටේ එක සිංහල මිනිහෙක් ජීවත් වෙලා ඉන්නකම් උබලාට කෑම නැති වෙන්නේ නැහැ කියලා බෙග් මාස්ටර් ඉශාන් බෙග්ට කියලා තියෙනවා. ඒකම තමයි දර්ශන් කියන්නේ. මගේ වැඩියෙන්ම රසිකයෝ ඉන්නේ සිංහල අය කියලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: