hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 මැයි 03, පෙ.ව. 12:29



අලුත විවාහ වූ තරුණයෙකු ඔහුගේ පරණ පෙම්වතිය බව කියන තරුණියක සමඟ මැදවච්චි ප්‍රදේශයේ පිහිටි තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ සිටියදී 01 වනදා සවස දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මුල්කරගෙන තරුණයා කැපුම් තුවාල ලබා ඇති අතර තරුණිය ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් ලබා ගැනීම නිසාරෝගාතුරව දෙදෙනාම අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව මැදවච්චිය පොලිසිය පවසනවා.

තරුණයාගේ එක් අතක කැපුම් තුවාලයක් පෙනෙන්නට තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

බෝගහවැව ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා පොලොන්නරුව සෙවණපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහුගේ හිටපු පෙම්වතිය බව කියන තරුණිය සමඟ මැදවච්චිය ප්‍රදේශය පිහිටි තාවකාලික ලැගුම් හලකට පැමිණ කාමරයක ලැගුම්ගෙන සිට ඇතැයි පොලිසිය කියයි.

පෙම්වතා මීට දින කිහිපයකට කලින් වෙනත් තරුණියක් සමග විහාර වී ඇති බව ඇති බව කල්තියා දැනගෙන සිටි පෙම්වතිය ඒ ගැන ඔහුගෙන් විමසාඅත් බෑග් එකේ සඟවාගෙන පැමිණි පිහියකින් ඔහුට ඇනීමට උත්සාහ කළ අවස්ථාවේ දෙදෙනා අතර පොර බැඳීමක් සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

තරුණයාගේ අතකට තුවාල සිදු වී ඇත්තේ මෙම පොරබැදීම සිදුවන අවස්ථාවේදී යැයි කියයි.

පසුව පෙම්වතිය බව කියන තරුණිය නිදි පෙති අධි මාත්‍රාවකින් පානය කිරීම නිසා ඇය ද රෝගාතුර ව ඇතැයි පොලිසිය කියයි.

ලැගුම්හලේ අයිතිකරු සහ සේවකයින් වහා ක්‍රියාත්මක වී දෙදෙනාවම රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. මැදවච්චිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: