hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 පෙබරවාරි 23, ප.ව. 3:49



මේ දවස්වල මිනිස්සුන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ.

මේ කතාව ඇහුවාම ඔයාටත් ඒකම හිතේවි.

ක්ෂණික කෝපය නිසා එයාට එයාගේ ජීවිත කාලෙම විඳවන්න වුණා විතරක් නෙවෙයි, තව පවුලක්ම අසරණ වුණා.

මේ සිද්ධියද් සිදුවුණේ උදෑසන 7.45ත් – 8ත් අතරයි.

කාර්මික ඉංජිනේරුවරයා තරුණියක මුණගැසී මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී පටු මාර්ගයක් වූ කඩවත පාරේ අඩු වේගයකින් රථය ධාවනය කරමින් තිබුණා.

එවිට යතුරුපැදිකරු මෝටර් රථය ඉස්සර කර ඇති බවත් එම අවස්ථාවේදී මෝටර් රථය පදවමින් සිටි කාර්මික ඉංජිනේරුවරයා යතුරුපැදිකරුට බැණවැදී ඇති බවත් පොලිසිය පවසනවා.

එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෙම සිදුවීමෙන් පසු යතුරුපැදිකරු සිය යතුරුපැදිය ඉදිරියට ධාවනය කරමින් තිබියදී මෝටර් රථය වේගයෙන් ඉදිරියට ධාවනය කරමින් යතුරුපැදියේ ගැටීමට සලස්වා ඇති බව පොලිසිය පවසනවා.

එහිදී යතුරුපැදිකරුව මෝටර් රථයට යටවී බරපතළ තුවාල ලබා ඇති අතර, ඔහුව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු මියගොස් තිබුණා.

යතුරුපැදියේ ගැටුණු මෝටර් රථය සිමෙන්ති ගැට්ටක ගැටී අසල තිබුණු දුරකතන කුලුනක ද ගැටී පෙරළී ඇති අතර, මෝටර් රථයට ද එමඟින් දැඩි හානි සිදුව තිබෙනවා.

දුරකතන කුලුනටද හානි සිදුව තිබුණා.

කෙසේ වෙතත්, පොලිසිය පවසනුයේ මෙම අනතුර සිතාමතා සිදු කළ අනතුරක් බවත් මෙය මිනිස් ඝාතනයක් සේ සලකා විමර්ශන පවත්වන බවයි.

සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර මත්පෙති හා අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්දැයි පරීක්ෂා කිරීමට පොලිසිය අධිකරණ නියෝග ලබාගෙන ඇති බවයි.

මෙලෙස ඉන් මියගොස් ඇත්තේ, මොරටුව කටුබැද්ද පෙරේරා මාවතේ පදිංචිකරුවකු වන ඩී. රංජිත් නමැති 52 හැවිරිදි තිදරු පියෙක්.

මොහු කොල්ලුපිටිය ප්‍රදේශයක පොල්තෙල් බෝතල් බෙදාහරින ආයතනයක රැකියාවේ නිරතව සිටන අයෙක් බවටයි වාර්තා වෙන්නේ.

දෙහිවල – කඩවත පාරේදී යතුරුපැදිකරුවකු මෝටර් රථයකින් යටකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාර්මික ඉංජිනේරුවරයක් අත් අඩංගුවට ගත් අතර, ඔහු දෙහිවල, ෆෙෂර් ඇවනිව්හි පදිංචි 30 හැවිරිදි අයකු බව පොලිසිය පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: