hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මාර්තු 29, පෙ.ව. 3:35



සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

ඒ වගේම තමයි සාරංග සහ දිනක්ෂි  කිසිම ආකාරයකින් දියණියගේ මුහුණ පෙනෙන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එකතු කළේ නැහැ.

ඒ කොහොම වුණත් දෝණිගේ පලවෙනි උපන්දිනයට හැමෝටම බලන්න දෝණිගේ වීඩියෝවක් නිකුත් කළා.

ඇය නමින් සාරන්‍යා දිසාසේකර.

මේ ගත වෙන්නේ සාරන්‍යාගේ හුරතල්ම කාලේ.

ඒ නිසාම සාරංගයි දිනක්ෂි ඔවුන් යන යන තැන සරන්‍යාව එක්කගෙන යන්නත් අමතක කරන්නේ නැහැ.

දිනක්ෂි ඇගේ සමාජ ජාලාවල සාරංගයි පුංචි සාරන්‍යායි එක්ක ගත්ත ඡායාරූපයක් පළ කරමින් දෙවියන් වහන්සේ තමන්ට ලබාදුන් හොඳම දේ ගැන ප්‍රකාශයක් පළ කලා.

“ජීවිතයේ දුෂ්කරම කාලවලදී ඉවසීමෙන් කටයුතු කිරීම පසුගිය වසර කිහිපය පුරාවටම මා ප්‍රගුණ කර ඇත… දෙවියන් වහන්සේ මට මෙතෙක් වටිනාම දේ ලබා දී ඇත.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: