hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 12:26



දඹුල්ල ජවය තරුණ සංවිධානය දින තුනක් පුරා පවත්වන්නට වූ නාට්‍ය සංදර්ශන මාලාව සහ භාණ්ඩ සල්පිල් වෙන්දේසියේදී කිඹුලා බනිස් ගෙඩියක් රුපියල් 34600 ක මුදලකට ලබාගැනීමට ජර්මන් ජාතික සංචාරකයන් පිරිසක් ඊයේ (12) රාත්‍රියේ දඹුල්ල පොහොරන්වැව ප්‍රදේශයේදී සමත් වී තිබෙනවා.

වෙන්දේසිය සඳහාම ප්‍රදේශ්යේ තරුණ කණ්ඩායමක් විසින් බේකරියකට ලබාදී කිඹුලෙකුගේ හැඩය ඇති විශේෂ බනිස් ගෙඩියක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කොට තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලාංකික ප්‍රදේශවාසීන් තරුණ පිරිසක් සහ මෙම නාට්‍ය සංදර්ශන නැරඹීම සඳහා පැමිණ සිටි ජර්මන් ජාතික පිරිසක් අතර පැය කිහිපයක වෙන්දේසි සටනකින් පසුව විදෙස් ජාතික කණ්ඩායම මෙම කිඹුල බනිස් ගෙඩිය නතු කරගෙන තිබෙනවා.

මිලදී ලබාගත් බනිස් ගෙඩිය මෙම විදේශීය සංචාරකයන් විසින් ප්‍රදේශ්යේ කුඩා දරුවෙකුට ලබාදීම සිදු කළ බව සංවිධායකයෝ පවසනවා.

මෙවැනි වෙන්දේසියකදී කිඹුලා බනිස් ගෙඩියක් රුපියල් 22200ක මුදලකට මිට වසර කීපයකට ඉහතදී ගලෙන්බිදුනවැව පඩිකාරමඩුව පැවති සංදර්ශනයකදී අලෙවි වී තිබෙනවා.

මෙහිදී ගීත ගායනා ගීත මුද්‍රා නාට්‍ය සංදර්ශන ආදී විනෝදකාමී අවස්ථා රැසක් පවතී අතර වෙදෙස් සංචාරකයෝ ද විනෝද වීම සදහා පැමිණ සිටියා.

විරිදු ශිල්පී චමින්ද කුමාර ගල්ගමුව විසින් රුපියල් 34,600 ක වාර්තාගත මුදලකට මෙය වන්දේසිය සිදුකර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: