hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 මැයි 28, පෙ.ව. 12:08



තම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූපයක් ගන්නා අවස්ථාවේදී ජලාශයකට වැටුණු සිය ජංගම දුරකථනය ආපසු ලබාගැනීමට ජලාශය හිස් කරදැමීමට කටයුතු කළ පුද්ගලයෙකු පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වනවා.

රාජේෂ් විශ්වා නම් මෙම පුද්ගලයා එරට ආහාර පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරන අයෙක් වන අතර සිය ජංගම දුරකථනය ලබාගැනීම වෙනුවෙන් ඔහු දින තුනක් පුරා ජලය ඉවත් කර ඇත්තේ ඩීසල් පොම්ප දෙකක් යොදා ගනිමින්.

වාරිමාර්ග නිලධාරීන්ට ලද පැමිණිල්ලකට අනුව ඔවුන් එම ස්ථානයට පැමිණෙන විටත් ඔහු ජලය ලීටර් ලක්ෂ 21ක් ජලාශයෙන් ඉවත් කර තිබෙනවා.

ඔහු ඉවත් කර ඇති ජල ප්‍රමාණය ඉන්දියාවේ වගා භූමි අක්කර 1,500 කට ප්‍රමාණවත් බවයි සඳහන් වන්නේ.

ජංගම දුරකථනයේ ගබඩා කර තිබූ අත්‍යවශ්‍ය දත්ත ලබාගැනීම සඳහා ඔහු දුරකථනය ලබාගැනීමට උත්සාහ කළ බවත් ඒ සඳහා ඔහුට ඉහළ නිලධාරීන්ගේ සහාය හිමිවූ බවත් ඔහු පවසා තිබෙනවා.

කෙසේ වුවද මේ වනවිට ඔහුගේ වැඩ තහනමකට ලක් කර ඇති බව වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: