2023 අප්‍රේල් 11, පෙ.ව. 6:10
විවාහක කාන්තාවක වූ තම අනියම් පෙම්වතිය මාඔයේ බෝට්‌ටු සවාරියකට කැඳවාගෙන යන මුවාවෙන් කැඳවාගෙන ගොස් පසු තම මිතුරන් දෙදෙනකු සමග එක්‌වී ඇය සමූහ දූෂණයට ලක්‌කළ බව කියන අනියම් පෙම්වතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනා රුපියල් ලක්‌ෂ 6 බැගින් පිළිගත් ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය නියෝග කළා.
දැඩි කොන්දේසි සහිතව මෙසේ ඇප නියම වූ සැකකරුවන් වූයේ කොච්චිකඩේ පදිංචිකරුවන් තිදෙනෙක්.
මෙහි පළමු සැකකරු ත්‍රිරෝද රථ රියෑදුරෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය චෝදනා ලබා බන්ධනාගාර ගතවී සිටින පුද්ගලයකුගේ බිරිඳ සමග කලක සිට අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
පසුගිය දිනෙක ප්‍රධාන සැකකරු තම අනියම් පෙම්වතියට මා ඔයේ බෝට්‌ටු සවාරියක් යැමට යෝජනා කර ඇති අතර බෝට්‌ටු සවාරියට අනියම් පෙම්වතා සමග ඔහුගේ මිතුරන් දෙදෙනකු ද සහභාගි වී තිබෙනවා.
බෝට්‌ටු සවාරියේදී අනියම් පෙම්වතා ඔහුගේ මිතුරන් දෙදෙනා සහ අනියම් පෙම්වතිය මත්පැන් පානය කර තිබෙනවා.
පසුව අනියම් පෙම්වතා ඔහුගේ මිතුරන් දෙදෙනා සමග එක්‌වී එම කාන්තාව සමූහ දූෂණයකට ලක්‌කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වෙනවා.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ නීතිඥ නාලක ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ කරුණු මත සැකකරුවන්ට ඇප නියම වුණා.
කොච්චිකඩේ පොලිසියේ පො. කො. (40290) රත්නසිරි කුමාර සහ සැරයන් (33544) ජයන්ත කරුණාරත්න යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූවා.
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26