hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:02



ඔයා දැක්ක දවසේ ඉඳලා මගේ හිතේ මොකක්දෝ හැඟීමක් ඇති වුණා කල්පනී. ඒක අපි ආත්ම ගණනක් තිස්සේ පතාගෙන ආව ආදරයක්. මට කවදාවත්ම ඔයාව අමතක කරන්න බැහැ.

විජේකුමාර එහෙම කියද්දී කල්පනී ලැජ්ජාවෙන් බිම බලාගත්තා.

ඔයා මෙතන මහන්සිවෙලා වැඩ කරන්න ඕනේ නැහැ. මං ඔයාගේ මාසේ පඩියත් වැඩි කරලා දෙන්නම්. උදේ හවස මා එක්ක මට පේන්න මෙතන ඉන්න. ඒ ඇති…

විජේකුමාර එහෙම කියල කල්පනීගේ රෝස පාට කම්මුලට පුංචි තට්ටුවක් දාලා පිටවෙලා ගියා. විජේකුමාර ධනවත් ව්‍යාපාරිකයෙක්. දකුණු පළාතේ ප‍්‍රධාන නගර කීපයකම එයාට සුපිරි වෙළෙඳ සල් තිබුණා. කල්පනී වැඩ කළේ විජේකුමාරට අයත් සුපිරි වෙළෙඳ සැලක. කල්පනී බොහොම සුන්දර යුවතියක්. දුප්පත්කම නිසයි එයා මේ රස්සාවට ආවේ.

රැුකියාවට ආව දවසේ ඉඳලා විජේකුමාර කල්පනීට වහ වැටිලා හිටියේ. විජේකුමාර විවාහවෙලා දරුවෝ තුන් දෙනෙක් ඉන්න තාත්ත කෙනෙක්. කොහොමටත් විජේකුමාර කාන්තා පාර්ශ්වයට වැඩි උනන්දුවක් දැක්වූවා. මීට ඉස්සරත් එයා ලස්සන කෙල්ලෝ දෙතුන් දෙනෙක්ම අමාරුවේ දාලා රෙකෝඞ් ගහපු කෙනෙක්.

මේ කිසි දෙයක් ගැන අහිංසක කල්පනී දැනගෙන හිටියේ නැහැ. රටේ ලෝකේ වෙන දේවල් ගැන, සමාජයේ ඉන්න කපටි සල්ලාලයෝ ගැන එයාට ඒ තරම් දැනුමක් තිබුණේ නැහැ. කොහොම කොහොම හරි කල්පනී විජේකුමාරගේ ආදර දැලේ පැටලූණා.

කල්පනීගේ මාසික වැටුපත් වැඩි කළා. එක එක තෑගි බෝග දීලා කල්පනීව වසඟයට ගන්න විජේකුමාරට හැකි වුණා.

‘මට දැන් ඔයා නැතිව මොහොතක්වත් ඉන්න බැහැ කල්පනී. අපි කොහේ හරි ගිහින් ටිකක් කතා කර කර ඉමු’.

විජේකුමාරගේ යෝජනාවට විරුද්ධ වෙන්න තරම් ශක්තියක් කල්පනීට තිබුණේ නැහැ. ව්‍යාපාර කටයුත්තකට කියලා විජේකුමාර කල්පනීව මෝටර් රථයේ නන්වගෙන එහෙ මෙහෙ අරන් ගියා.

අනේ මට බයයි සර්… මේවා අපේ ගෙදර අය දැනගත්තොත් විසුමක් වෙන්නෙ නැහැ. මං ගෙදර වසල හමාරයි. කල්පනී විජේකුමාරට කිව්වා. කල්පනීගේ ගෙවල් තිබුණෙත් එයා රැුකියාව කරපු සුපිරි වෙළඳ සැල ආසන්නයේමයි. මුළු ලෝකෙටම හොර රහසේ මේ ආදර සම්බන්ධය පවත්වාගෙන ගියත් අන්තිමේදී සුපිරි වෙළෙඳ සලේ සේවකයෝ කීප දෙනෙකුට මේ පලහිලව්ව කන වැකුණා. සුපිරි වෙළෙඳ සලේ සේවකයෝ ලොක්කගෙයි කල්පනීගෙයි මේ ආදර පලහිලව්ව ගැන ඇහැ ගහගෙන හිටියේ. ඒ විතරක් නෙවෙයි. කල්පනීගේ මේ අනියම් සම්බන්ධය ගැන එයාගේ පවුලේ වැඩිහිටියෝ දැනුවත් කරන්නත් සුපිරි වෙළෙඳ සලේ සේවකයෝ කීපදෙනෙක් කටයුතු කළා.

අපි මේ ඕගොල්ලන්ගේ හොඳටයි කියන්නේ. අපේ ලොක්කට කෙල්ලෝ පෙන්නන්න බැහැ. ලස්සන කෙල්ලෙක් දැක්කොත් ඇඹලයා වගේ. ඒ නිසා කල්පනීව බේරගන්න. එයාගේ ගමන් බිමන් ගැන ටිකක් සොයලා බලන්න.

සුපිරි වෙළෙඳ සලේ සේවකයෙක් කල්පනීගේ වැඩිහිටියන්ට දුරකථනයෙන් කතා කරලා මේ ගැන දැනුම් දුන්නා. විජේකුමාර දැන් නිතර නිතර කල්පනී එක්ක රවුම් ගහනවා. මේ පේ‍්‍රම කතාව දැන් ප‍්‍රසිද්ධ රහසක් බවට පත්වෙලා.

මේ සම්බන්ධය ගැන කල්පනීගේ දෙමව්පියෝ එයාට තදින් අවවාද කළා. ඒත් ඒ කිසි දෙයක් එයා පිළිගත්තේ නැහැ.

දුවේ උඹ උඹේ නම කැතකර ගන්න එපා. උඹ ඔය සල්ලාලයා එක්ක රෝන්දෙ ගහන එක නතර කරපං. නැත්නම් අපිට පාරේ බැහැලා යන්න බැරි වෙනවා. උඹ රස්සාවල් කරන්න ඕනේ නැහැ. ගෙදර නතර වෙයන්. අපට පුළුවන් කන්න අඳින්න දෙන්න. කල්පනීගේ තාත්තා එයාට තදින් අවවාද කළා. බැණ අඬගැහුවා. ඒත් කල්පනී මේ සම්බන්ධය නතර කළේ නැහැ.

කල්පනීගේ වැඩිහිටියෝ විජේකුමාරගේ ගමන් බිමන් ගැන හොඳ සෝදිසියෙන් හිටියා. මේ වැඬේ අතටම අල්ලගන්න ඒ අය මෙහෙයුමක් කි‍්‍රයාත්මක කරලා තිබුණා. පසුගිය දවසක විජේකුමාර කල්පනී කැන්දගෙන සුපිරි වෙළෙඳ සලෙන් පිට වුණේ කොහේ හරි නවතැන් පොළකට රිංගලා සතුටු වෙන්න හිතාගෙන. ඒත් එදා විජේකුමාරට වැඬේ වැරදුණා. සුපිරි වෙළෙඳ සලෙන් කල්පනීගේ වැඩිහිටියන්ට ඇමතුමක් ලැබුණා. ‘අන්න ලොක්කා කල්පනීව අරගෙන මාරු වුණා. දැන්ම ගියොත් අල්ලගන්න පුළුවන්.’

කල්පනීගේ වැඩිහිටියෝ කි‍්‍රයාත්මක වුණා. ගමේ දහයක් දොළහක් තරුණයෝ එකතුවෙලා විජේකුමාර කල්පනී අරන් රිංගපු නවාතැන් පොළ වට කළා.

කොහොම කොහොම හරි විජේකුමාරටත් මේ සිද්ධිය කන වැකුණා. මාර වැඬේ. ඔයාගේ නෑදෑයොයි ගමේ කොල්ලෝ ටිකකුයි මේ නවාතැන් පොළ වටකරලා. දැන් මොනවයින් මොනවා වෙයිද දන්නෙ නැහැ. අපි දෙන්නට පාරේ බැහැලා යන්න බැරි වෙයි. විජේකුමාර හොඳටම බයවෙලා හිටියේ. නවාතැන් පොළේ අයිතිකාරයත් අන්දුන් කුන්දුන් වුණා. ගමේ සෙනඟ වටවෙලා කෑකෝ ගහනව දැක්කම. අන්තිමේදී නවාතැන් පොළේ අයිතිකාරයා පොලිසියට කතා කරලා නිලධාරීන් කීපදෙනෙක් ගෙන්න ගත්තා. එන තත්ත්වය එච්චර හොඳ නැති බව තේරුම් ගිය නිසා. පොලිසිය මැදිහත්වෙලා කල්පනීව කාමරෙන් එළියට අරගෙන ජීප් රථයට නන්වා ගත්තා. දැන් කල්පනීගේ පවුලේ ඥාතීන් යුද්ධ ප‍්‍රකාශ කරනවා. පොලිසිය මැදිහත් වෙලා විජේකුමාරවත් නවාතැන් පොළෙන් එළියට අරගෙන පොලිසියට ගෙනියන්න සූදානම් වුණා. ඒත් කල්පනීගේ ඥාතීන්ගෙන් එයාට ගැලවීමක් ලැබුණේ නැහැ.

කල්පනීගේ ඥාතීන් විජේකුමාරට බඩකටපුරා කන්න දුන්නා. කොහොම හරි පොලිසියේදී මේ ගැටලූව නිරාකරණය වුණා. කල්පනීව එයාගේ පවුලේ වැඩිහිටියන්ට භාරදුන්නා. විජේකුමාරට දැඩි ලෙස අවවාද කරලා පොලිසියෙන් පිටමන් කළා. ඒ වෙනකොට විජේකුමාරගේ නීත්‍යානුකූල බිරිඳත් පොලිසියට ඇවිත් හිටියා.

පොලිසියෙන් බේරුනත් බිරිඳගෙන් විජේකුමාරට ගැලවීමක් නැහැ. ඇය අතේ තිබුණු කුඩයක් කැඩෙනකල් විජේකුමාරට පහර දුන්නා. තහනම් ගස්වල ගෙඩි කඩන්න ගිිහින් සිද්ධ වෙච්ච මේ අකරතැබ්බය ගැන අපට කිව්වේ වැලිපිටිය දිවිතුර උපුල් මහේෂ්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: