hit counter

2026 ඔක්‍තෝබර් මස 23 වන සිකුරාදා

2023 මැයි 13, පෙ.ව. 2:40



කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේදී රාත්‍රී කඳවුරක් සඳහා පෙරේදා (11) පැමිණ එහි නැවතී සිටි යුවලක් සඳහා වනඅලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එම වනඅලි ප්‍රහාරයෙන් තරුණිය එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් වී ඇති අතර, තරුණයාව ප්‍රදේශවාසීන් විසින් ගිලන් රථයකින් රෝහල් ගත කර ඇති බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණියක්.

හෙද සිසුවියක් වන මියගිය තරුණිය ලබන සතියේ සිය පත්වීම ලබාගැනීමට නියමිතව තිබුණා.

පහරකෑමෙන් කොස්ලන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියතලාව රෝහලට මාරු කර යැවුණු තරුණයා 22 හැවිරිදි වියේ පසුවන වාරියපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

මේ දෙපළ දීර්ඝ කාලයක් තිස්සේ විනෝද සංචාරවල නිරත වෙන ස්වභාවික පරිසරයට ආදරේ කරන රට පුරා ඇවිදින දෙපළක්.

ලංකාව පුරා ලස්සන තැන් නරඹමින් විවිධ තැන්වල ඇවිද්ද මේ දෙපළ ඔවුන්ගේ සමාජ ජාලාවල පල කර තිබුණු ඡායාරූප මෙන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: