hit counter

2023 දෙසැම්‍බර් මස 04 වන සඳුදා

2023 මැයි 22, පෙ.ව. 12:02



මව ඉදිරිපිටදී 26 හැවිරිදි ආබාධිත දියණිය නිරුවත් කර ඇයට ලිංගික අතවරයක් කර පහරදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගැනීමට කොස්ගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමට සොයන පොලිස් කොස්තාපල් කෙසෙල් වත්ත පොලිසියට අනුයුක්තව කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවය කරන අයෙක්.

මෙම කොස්තාපල්වරයාගේ රෝගී මව රැක බලා ගනිමින් මෙම තරුණිය සහ ඇයගේ මව වසර දෙකක කාලයක් තිස්සේ සිට කොස්තාපල්වරයාගේ නිවසේ ගත කරන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රධාන පවත්පතකට ඊයේ (21) දින ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ පසුම්බියේ තිබූ රුපියල් 10,000ක මුදලක් නැති වූ බව කියමින් මෙම මව හා දියණිය කාමරයකට කැඳවා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මෙම තරුණියට විවාහ යෝජනාවක් අවස්ථාවේ ඇය එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇතැයිද පොලිසිය පවසනවා.

විවාහ යෝජනාව තරුණිය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඇයට පහර දී මව ඉදිරිපිටදීම නිරුවත් කර ලිංගික අතවරයක් සිදු කර ඇති බවට එම තරුණිය පෙරේදා කොස්ගම පොලිසියට පැමිණිල්ලක් කළේ යැයි උසස් පොලිස් නිලධාරියා සඳහන් කළා.

මෙම තරුණිය කළ පැමිණිල්ලේ මෙම තොරතුරු සඳහන් වන බව පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට තිබෙනවා.

තරුණිය මෙම පැමිණිල්ල කිරීමට කලින් දිනයේ පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ පසුම්බිය තිබූ රුපියල් 10,000ක මුදලක් නැති වී ඇති බවට කොස්ගම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

කොස්ගම පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: