hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 12, පෙ.ව. 6:59



අවුරුදු 11 මාස 10ක් වියැති බාලවයස්කාර දැරියක් දුෂණය කිරීම සහ පහළොස් හැවිරිදිවියේ පසුවන පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් අතවර කිරීම සම්බන්ධයෙන් කට්ටඩියකු අත්අඩංගුවට ගත්බැව් ඕපාත පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තවලම, 4 කණුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදිවියේ පසුවන විවාහකයෙක්.

මෙකී කට්ටඩියා ශාස්තර කීම සඳහා වරමක් ලබාදෙන බව පවසමින් ඇයගේ නිවස තුළදීම අවුරුදු 11ක් සහ මාස 10ක් වියැති දැරියක් දුෂණය කොට තිබුණා.

මෙකී දැරියගේ පියා දැඩි ලෙස මත්පැන් පානයට ඇබ්බැහිවීම නිසා එය නතර කිරීම සඳහා ගුරුකමක් කිරීමට දැරියගේ මව විසින් කට්ටඩියා ගෙන්වා තිබුණා.

දැරියගේ නිවසට පැමිණි කට්ටඩියා දැරිය දැක අයට දේවවරමින් ශාස්තර කීම සඳහා වරමක් ලබාදියහැකි බව පවසා තිබෙනවා.

පසුව කට්ටඩියා විසින් දැරියගේ දෙම්ව්පියන් නිවසේ පිටතින් තබා දැරියට ආරූඩය ලබාදීමට බව පවසමින් ඇය නිවස තුළට රැගෙන ගොස් අතවර කර තිබෙනවා.

එම අවස්ථාවේ විදුලිය ද විසන්ධි වී ඇති අතර කට්ටඩියා විසින් නිවස තුළදී දැරිය දුෂණයට ලක්කොට තිබෙනවා.

පසුව මේ පිළිබඳ දැරිය මවට පවසා ඇති අතර පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව කට්ටඩියා අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙකී කට්ටඩියා අවුරුදු 15ක් මාස 10ක් වියැති පාසල් සිසුවියක් නෙළුව ප්‍රදේශයට රැගෙන ගොස් ඇයටද අතවර කොට තිබූ බව පොලිසිය පවසනවා.

ඕපාත පොලිස් ස්ථානාධිපති චන්දිමාල් ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් තණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: