hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:00



මුලතිව් – විශ්වමඩු ප්‍රදේශයේ දී ගුරුවරියකගේ අනියම් සැමියා විසින් පාසල් ශිෂ්‍යාවක් ලිංගික අපයෝජනයට ලක්කර තිබෙනවා.

එම චෝදනාව සම්බන්ධයෙන් අදාළ සැකකරුව ඊයේ (04) පුදුකුඩි ඉරිප්පු පොලිසිය මගින් අත් අඩංගුවට ගනු ලැබුවා.

පාසල් ගුරුවරියගේ විවාහක සැමියා ඇයව අතහැර වෙනම නිවසක පදිංචි අතරතුර දී, ගුරුවරිය වෙනත් පළාතක පුද්ගලයෙකු සමග මෙලෙස අනියම් ඇසුරක් පවත්වා ගනිමින්, ඔහු හා එකම නිවසේ වාසය කර තිබෙනවා.

අදාළ ශිෂ්‍යයාව අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගුරුවරියගේ නිවසට ගිය විටදියි මෙම ලිංගික හිරිහැරයට ලක්ව ඇත්තේ.

මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී ගුරුවරිය නිවසෙහි රැඳී නොසිට ඇති බවයි සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිසුවිය විසින් සිය දෙමව්පියන්ට පැවසූ විට, ඔවුන් විසින් ඒ පිළිබඳ පොලිසියට දැනුම්දී පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක අතර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මුලතිව් රෝහලට ඇතුළත් කෙරුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: