hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූලි 01, පෙ.ව. 1:34



තරුණියක් තම නව පෙම්වතා සමග විවාහ වෙන්න මාසයක් තිබියදී, පරණ පෙම්වතාගෙන් විවාහයට අවසර ගන්න ගිය 23 හැවිරිදි තරුණිය දින තුනක් 24 හැවිරිදි පරණ පෙම්වතා සමග වාසය කර තිබෙනවා.

තම දියණිය අතුරු දහන්ව ඇති බවට තරුණියගේ මව ඉකුත්දා බුලත්සිංහල පොලිසියට කළ පැමිණිල්ලට අනුව තොරතුරු සෙවීමේ දී සියල්ල හෙළි වූ බව බුලත්සිංහල පොලිසිය පවසනවා.

බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය බුලත්සිංහල ප්‍රදේශයේම පදිංචි තරුණයකු සමග කලක සිට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.

කලක් ගතවෙද්දී එම සම්බන්ධතාව මගහැරී ගොස් ඇති අතර තරුණිය වෙනත් ප්‍රදේශයක පදිංචි 27 හැවිරිදි තරුණයකු සමග යළි ප්‍රේම සම්බන්ධයක් පවත්වා එයට දෙපාර්ශවයෙන්ම ආශිර්වාදය ලැබී ඇති නිසා ලබන මාසයේදී විවාහ වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී හදිසියේ තරුණිය නිවසින් අතුරුදහන්ව ඇත.

තම දියණියගේ ⁣අතුරුදහන්වීම පිළිබඳ ඇයගේ මව බුලත්සිංහල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එයට දින තුනකට පසුව තරුණිය නැවත නිවසට පැමිණ ඇතැයි පොලිසිය පැවසුවා.

පැමිණිල්ලට අනුව බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතා විසින් තරුණිය පොලිසියට කැඳවා කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය තම විවාහයට අවසර ගැනීමට සිය පරණ පෙම්වතා හමුවන්නට ගිය බවත් දින තුනකට පසුව යළි නිවසට ආ බවයි.

ඒ අනුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පැරණි පෙම්වතාත් විවාහ ගිවිස ගැනීමට දින නියම කර සිටි නව පෙම්වතා ඇතුළු සියලු‍දෙනා පොලිසියට කැඳවා මේ පිළිබඳ කළ දීර්ඝ විමර්ශනයයෙන් අනතුරුව නව පෙම්වතා තරුණිය භාර ගැනීමට කැමැත්ත ප්‍රකාශකිරීම නිසා සිද්ධිය සමතයකට පත් කිරීමට හැකිවූ බව පොලිසිය වැඩිදුර පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: