2024 ජූලි 03, පෙ.ව. 12:01
 
            
නිවේදන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක් ආදරය කරන විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වයෙන් ආදරේ ඉහළින්ම දිනාගත්තු ආදරණීය නිවැරදි එකෙක් තමයි හසිත විජේවර්ධන කියන්නේ. නිවේදකයෙක් විදිහට දුර ගමනක් ආපු හසිත පසුගිය දවසක බොහෝ දෙනෙක්ගේ ආදරය එක විවාහ ජීවිතයට පා තැබුවා.
ඔහු මේ විදිහට විවාහ වුණේ ලියානා නමැති තරුණියක් සමඟයි. හසිතයි ලියානයි අතර අවුරුදු ගණනක වයස් පරතරයක් තියෙනවා.හැබැයි ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා තමයි හසිතයි ලියානයි දෙන්නම කියන්නේ.
හසිත එක කාලෙක ජීවිතයට වත් බඳින්නෙ නෑ කියන තැන හිටපු කෙනෙක්.ඒ ඔහුගේ ජීවිතයට ආපු විවිධ ප්‍රශ්න සහ ඔහුගේ කලින් පෙම්වතිය වෙඩින් එකට මාස තුනක් තියෙද්දී සම්බන්ධය නතර කරපු නිසයි.සියලු දේවල් එක්ක බඳින්නෙ නෑ කියලා හිටපු හසිත හදිස්සියේම බැන්දා ඒ ඔහුගේ ජීවිතයට ආපු ආදරණීය චරිතයත් එක්ක හසිත ඇය ගැන කියලා තිබ්බේ මේ වගේ කතාවක්.
“මේක පටන් ගන්නේ මුහුණු පොත හරහා. අවුරුදු එකහමාරකට විතර කලින්. මම තමයි fb රික්වෙස්ට් එක මුලින්ම දැම්මේ. මට එයාව දැක්කම අහිංසක ළමයෙක් වගේ හිතුණ නිසා. එහෙම නැත්නම් මම කෙල්ලොන්ට රික්වෙස්ට් යවනවා අඩුයි. මෙයා ඉස්සර යූටියුබ් එකේ වීඩියෝ දානවා. ඒ වීඩියෝ එකක් දැකලා තමයි මම මුලින්ම මැසේජ් කළේ. කාලයක් අපි යාළුවො වගේ හිටියා. ඊට පස්සේ මම කැමතිද ඇහුවමත් මුලින්ම එයාගේ වැඩි කැමැත්තක් තිබ්බේ නැහැ. ඒ නිසා මම කතා කරන එක නතර කළා. ඊට පස්සේ මාසයක් එකහමාරක් විතර යද්දී මෙයා මට මැසේජ් එකක් දැම්මා. ඒ කතාව දුරදිග ගිහින් තමයි අපි දෙන්නගේ ආදර කතාව පටන් ගත්තේ.
එයා හරිම අහිංසක චරිතයක්. ඒ වගේම හුදකලාවේ ඉන්න කැමති කෙනෙක්. එයාට වැඩිය යාළුවො ඇත්තෙම නැහැ. අම්මලා තාත්තලා එක්කම හැදුන කෙනෙක්. වියානා කියන්නේ වැඩිය සෝෂල් නැති කෙනෙක්. මට ඇත්තටම ජීවිතේට ඕනේ වුණේ එහෙම කෙනෙක්. පහුගිය කාලේ මට වෙච්චි දේවල් සහ යාළුවන්ට වුණු දේවල් එක්ක මට ඕනේ වුණේ ගුණයහපත් කමින් හොඳ, හොඳ බිරිඳක් වෙන්න පුළුවන් කෙනෙක්. ඒ ගුණාංග ටික ලියානා ළඟ තිබ්බා. හරිම නිහතමානී මනුස්සකමෙන් පිරි කෙනෙක්. ඒ නිසා මට හිතුණා මගේ ජීවිතේට ඕනේ මේ වගේ කෙල්ලෙක් කියන එක.”
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25