hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 11, පෙ.ව. 4:49



දේශපාලන භූමිකාව තුළ වැඩි වශයෙන් මේ දවස්වල කතාබහට ලක්වෙච්ච කාන්තා නියෝජනයක් තමයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ.

ඇය හැමදාමත් දේශපාලනය තුළින් කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙච්ච නිරන්තරයෙන්ම කාන්තාවන් වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලන චරිතයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

රූපයන් බොහොම බොහෝම ආකර්ෂණීය චරිතයක් වන ඇය සෑම අවස්ථාවකදීම අභියෝගාත්මක අවස්ථාවන් බාරගත්ත කාන්තාවක්.

ඇයගේ පියාගේ අභාවයෙන් පස්සේ තමයි ඇයගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ.

තනි ගැහැනියක් විදිහට පියාගේ මරණයට සාධාරණත්වයක් හොයපු ඇය අදටත් සමන්ගෙ ලෝකයේ පූර්වාදර්ශි චරිතයක් බවට පත් කරගෙන ඉන්නේ තාත්තා.

හිරුණිකා ගැන කතා කරද්දී ඇය විවාහ වෙන්නේ කලා ක්ෂේත්‍රයේ අති දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් සමඟයි.

මේ වන විට ඔවුන්ගේ කැදැල්ලට ආදරණීය  දුවාදරුවනුත් එකතු වෙලා හරිම සැහැල්ලුවෙන් සතුටින් තමයි හැමෝම ජීවත් වෙන්නේ.

එවිට ජීවිතය ගත කරද්දී නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන්නත් හිරුනිකාට සිද්ධ වෙලා තියෙනවා.

නීතිමය පැත්තෙන් ඒ වගේම අභියෝගාත්මක ගැටළු කියන්නා වූ මේ සියලුම දේවල් ජයග්‍රහණය කරගෙන ඉදිරියට යන ඇය පසුගිය දවසක එක්තරා යූටියුබ් සමාජ මාධ්‍ය වැඩසටහනකට සම්බන්ධ වෙලා ජීවිතය පිළිබඳව හරි අපූරු අදහස් කිහිපයක් ඉදිරිපත් කළා.

ඒ අවස්ථාවේදී ඇය සඳහන් කළේ මේ වගේ දෙයක්.

“මගේ ස්වාමිපුරුෂයා මට කිව්වොත් මට තව ළමයි ඕනි කියලා මම කිව්වොත් නෑ මට තව ළමයි ඕනි නැහැ කියලා ඕනි නෑ තමයි.ඉතිං ඒකෙන් එහාට කතා කරන්න දෙයක් නැහැ.මොකද කාන්තාවක් කාන්තාවක්ගේ මාස නවය ඇතුළතදී තමන්ගේ ශරීරයෙ  වෙනස් වන වෙනස්වීම් එක්ක යන ගමන සහ ඒ වෙනස් වීම මේ ලෝකේ කිසිම කෙනෙක්ට දරාගන්න බැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: