hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 පෙබරවාරි 28, ප.ව. 12:33



ජාතික ජනබලවේගය පෙරේදා (26) කොළඹදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය එල්ල කළ ජල හා කඳුළුගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

ඉන් අනතුරුව ඇතිවු උණූසුම් තත්ත්වය හමුවේ පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා.

එම ජල හා කඳුළුගෑස් ප්‍රහාරයට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි ජාතික ජනබලවේගයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්‍ෂක නිමල් අමරසිරි මහතා ඊයේ (27) මියගියා.

කොහොම නමුත් එම විරෝධතාවය පිළිබඳව සමාජ මාධ්‍ය‍යේ තවමත් උණුසුම් පුවත් හුවමාරු වන අන්දම දැකිය හැකි වෙනවා.

ඒ අතර ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය ෆේස්බුක් ගිණුමට විවිධ සටහන් සහ ඡායාරූප එකතු කර තිබුණා.

එලෙස තබන ලද එක් සටහනකට ජනප්‍රිය ගායන ශිල්පි ඉරාජ් වීරරත්න ද ප්‍රතිචාර දක්වා තිබෙනු දැකිය හැකි වුණා.

“බැහැලා නෑවත් ඇදගෙන නෑවත් බේරේ වතුර බේරේ වතුරම තමයි……” ඡායාරූපයක් ද සමඟ අමාත්‍ය සනත් නිශාන්ත එලෙස මුහුණු පොතට එකතු කර තිබුණා.

ඊට ප්‍රතිචාරයක් හැටියටයි ඉරාජ් වීරරත්න මෙලෙස සඳහන් කර තිබුණේ…. “ඔය වතුර බවුසර්වලට ඔයාලා ඊයේ බේරේ වතුර දාලා තියෙන්නේ plan කරලා. පලාතම ගදයිලු… මේ වැඩේ plan කරලා තියෙන්නේ ඔයාලු… ජල සම්පාදන රාජ්‍ය ඇමති හැටියට. Return දෙනවා කියලා ඔහොම වැඩ කරන්න එපා ඇමතිතුමා ! වෛරයෙන් වෛරය නොසංසිදේ “යනුවෙනුයි.

ඉරාජ් දැක්වූ ප්‍රතිචාරයට අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණා… “IRAJ ඔයා පුදුම කථානේ කියන්නේ රටේ සියලු බිල් වැඩිවෙලා තියෙන වෙලාවක ජෙප්පෝ නාවන්න purified water දෙන්නද කියන්නේ ? අනික හරක් නාවන්න මොකටද හොද වතුර ? “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: