hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 04, පෙ.ව. 9:17



බෙන්තර, හබුරුගල, වන්නිගහවත්තේ පදිංචිව සිටි ඉරේෂා ශ්‍යාමලී නමැති තරුණියගේ හදිසි මරණය සංවේදී සිත්පිත් ඇති කාගේත් දෙනෙත්වලට කදුළක් එකතු කිරීමට සමත් වී තිබෙනවා.

පොලිසියේ අත්වැරැද්දක් සුන්දර අහිංසක තරුණියකගේ ජීවිතය එතැනින් නිමකර තිබෙනවා නම් පොලිසියේ අත්වැරැද්ද සුළුකොට තැකිය නොහැකියි.

බෙන්තර, හබුරුගල උපන් ඉරේෂා අධ්‍යාපනය ලැබුවේ ඇළකාක මහා විදුහලෙන්.

දක්ෂ ශිෂ්‍යාවක ලෙසින් අපොස උසස් පෙළ පවා සමත් වුවද ඇයට සරසවි වරම් නොලැබිණි.

එහෙත් ඉන් අධෛර්යයට පත් නොවූ ඇය ටික කලක් බෙන්තොට සමුපකාර සමිතියට අයත් මහගොඩ බැංකු ශාඛාවේද සේවය කොට පසුව ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව පාඨමාලාවක් හදාරා පශ්චාත් උපාධියක් පෞද්ගලික ආයතනයකින් ලබාගෙන තිබෙනවා.

හබුරුගල ශ්‍රී   පුඤ්ඤරතන දහම් පාසලේද දීප්තිමත් ශිෂ්‍යාවක වූ ඇය ළඟදීම කැනඩාවේ රැකියාවකට යෑමේ අපේක්ෂාවෙන් වීසා ලැබෙන තුරු බලා සිටි බව ඇයගේ මව සුනේත්‍රා ජයමාන්න මහත්මිය සඳහන් කළා.

ඒ සඳහා ඉරේෂාට උදවු කළේ කැනඩාවේ සිටින මිතුරියක්.

 “එදා මේ වෙඩි වැදුණට පස්සේ පුතා මට කෝල් කරලා කිව්වා බස් එක වේගෙන් ආවලු වෙඩි පත්තු කරන සද්දයක් ඇහුණාම එයා හිතුවේ පාන්දර කඨින පෙරහරක් යනවා කියලලු. පස්සේ බලනකොට නංගිගෙ නහයෙන් ලේ ගලනවලු. එයා කෑ ගහලා කිව්වාම බස් එක ඉස්පිරිතාලෙට හැරෙව්වාලු. ඒ වෙලාවේ මේ මොකක් වුණාද කියලා මට හිතාගන්න බැරි වුණා”

“අම්මේ මම කැනඩා ගිහින් ආවට පස්සේ මේ ඉඩමේ අවුල් නිරවුල් කරගෙන අපේ ගේ ලස්සනට හදා ගනිමු. මට ඔය ආණ්ඩුවේ රස්සාවල් කරලා නිකම් පඩි ගන්න බෑ. මොකක් හරි පෞද්ගලික ආයතනයක රස්සාවක් කරනවා. අම්මේ තාත්තටත් කියන්න ඔය කුඹුර මත්තේ නැහෙන්න ඕනෑ නෑ. අපි කඩෙන් හාල් ගෙනැත් කමු අම්මේ, දැන් තාත්තටත් වයසයිනේ ඔහොම මහන්සි වෙන්න පුළුවන්ද කියලා නිතරම දුව කිව්වා.” යැයි ඇය නිතරම අම්මා සමඟ පවසා ඇත්තේ ඔවුන්ගේ ගෙවත්ත මැදින් ඇති පාර ඉවත් කර ගැනීමට ඇයට දැඩි වුවමනාවක් තිබුණු නිසායි.

ඇයගේ දේහය පිළිබඳව අවසන් කටයුතු 05 වැනි බදාදා පස්වරුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: