hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 04, පෙ.ව. 11:15



බෙන්තර, හබුරුගල, වන්නිගහවත්තේ පදිංචිව සිටි බෝමිරියගේ දොන් ඉරේෂා ශ්‍යාමලී (29) නමැති තරුණියගේ ඛේදජනක මරණය කාගේත් දෙනෙත් කඳුළින් තෙමයි.

“අනේ මගේ රත්තරන් දුව අයියලත් එක්ක අනුරාධපුරේ ගිහින් සඳුදට ගෙදර එනවා කියලා මට කෝල් කරලා කිව්වා. දැන් ඉතින් මගේ දුව නැතිව මං කොහොම ජීවත් වෙන්නද දෙයියනේ” පොලිස් වෙඩි තැබීමක ඉලක්කය වැරදී මිය ගිය ඉරේෂා ශ්‍යාමලීගේ මවගේ ඒ විලාපයෙන් හබුරුගල පළාතම කම්පනයට පත්ව තිබෙනවා.

ඉරේෂාට තදබල ග්‍රහ අපල ඇතැයි ඇසූ ඇගේ වැඩිමල් සොහොයුරා “අම්මේ නංගිට ලොකු අපලයක් තියෙන බව කිව්වනේ. මම හිතා ඉන්නේ නංගිට සෙත් කවියක් ලියවගෙන ඒක අනුරාධපුරේට ගිහින් කියවන්න. ඒ ගමන් දින හතක් විතර අනුරාධපුරේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරියේ බෝධි පූජාවකුත් තියන්න ඉන්නේ. ඒක නිසා නංගිව අපේ ගෙදරට එවන්න.” අම්මාට පවසා තිබෙනවා.

ඒ අනුව ඇය කිරිබත්ගොඩ පදිංචි අයියාගේ ගෙදරට ඉරේෂා ගොස් තිබෙනවා.

අයියාත්, නෑනාත් සමඟ දින හයක්ම අනුරාධපුරයට ගොස් සෙත් කවියත් කියවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරියේ බෝධි පූජාත් පවත්වා හය වැනි දවසේ මේ තිදෙනා කොළඹ බලා එන බස් රථයකට ගොඩවූයේ රෑ මැදියම් කාලයේයි.

නිදිමත ඉහ වහා ගොස් තිබූ නිසා බසයේ සිටි සෑම දෙනාටම තදින් නින්ද ගිය අතර බස් රථයද වේගයෙන් ධාවනය වෙමින් තිබුණා.

ඒ ඇයගේ අවසන් නින්ද යැයි ඇයවත් අයියා හා අක්කාවත් දැන නොසිටින්නට ඇති.

පොලීසිය මේ අතර කොල්ලකරුවන් රැසක් සමඟ පලා යන වෑන් රථයක් ලුහු බඳිමින් සිටි අතර, මරුවා වෙඩි උණ්ඩයක සැඟවී බස් රියේ පිටුපස වීදුරුවත් කඩා ගෙන ඇයගේ සියලු අපල උපද්‍රව සමඟ දිවි සැරියද නිම කර දැමීමට තරම් කුරිරු වූයේ කවුරුත් නොසිතූ අයුරින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: